• Chathura Ramanayake

ඉන්දියාවේ පන්දු යැවීම දුර්වල නිසා ලෝක කුසලානය දිනන්න අමාරුයි - ආකාශ් චොප්රා

ඉන්දියාවේ පන්දු යැවීමේ අංශය දුර්වල බවත් එය ඉදිරි T20 ලෝක කුසලානය ජයග්‍රහණය සදහා ඇති අවස්ථාවන් අඩු කරන බවත් හිටපු ක්‍රීඩක හ වත්මන් විස්තර විචාරකයෙකු වන ආකාෂ් චොප්රා සදහන් කොට ඇත.


ඉන්දියාවට මෑත කාලීනව ප්‍රතිවාදීන්ට ලබාදුන් ඉලක්කයන් ආරක්ෂා කර ගැනීමට නොහැකි විය. ඔවුන් 2022 ආසියානු කුසලානයේ දී පකිස්ථානයට සහ ශ්‍රී ලංකාවට එරෙහිව තීරණාත්මක තරඟ පරාජයට පත් වූ අතර ඊයේ දිනයේදී පැවති පළමු T20I තරඟයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව එය ඔවුන්ට ආපසු හැරවිය.


චහල් වේගයෙන් පන්දු යවනවා. ඔහු සෙමින් පන්දු යවන්නේ නැතිනම් කඩුලු ලබා ගන්නේ කෙසේද යනුවෙන් ආකාෂ් චොප්රා සදහන් කොට ඇත.


ඊයේ දිනයේදී යුෂ්වේන්‍ද්‍රන් චහල් එක් කඩුල්ලක් දවාගත් නමුත් ඔහුගේ පන්දුවාර 3 පන්දු 2ක තුළ ලකුණු 42ක් රැස්කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය. පසුගිය ආසියානු කුසලාන තරගාවලියේදීද ඔහුට කඩුලු 4ක් පමණක් දවාගත හැකිවූ අතර එහිදීද ඔහු පන්දුවාරයකට ලබාදුන් දල ලකුණු ප්‍රමාණය ලකුණු 7.93ක් ලෙසින් සටහන් විය.


“යථාර්ථය නම් ඉන්දියාවට දුර්වල පන්දු යැවීමේ බලඇණියක් තිබීම නිසා ලෝක කුසලානය දිනා ගැනීමේ බලාපොරොත්තු තරමක් අඩුයි. ඔබ ඉතිරි තරඟ ජයග්‍රහණය කළ යුතයි. එසේ නොමැතිනම් ඔවුන්ගේ ප්‍රධාන ක්‍රීඩකයින් සිව්දෙනා නොමැති කණ්ඩායමකට එරෙහිව තරඟාවලිය පරාජයට පත්වන්නට ඔබට සිදුවෙනවා.

ආබාධයකට ලක්ව සිටි ජස්ප්‍රිට් බුම්‍රා ලෝක කුසලාන තරගාවලිය හා ඕස්ට්‍රේලියානු තරගාවලිය වෙනුවෙන් නම් කොට ඇත. වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්‍රා සම්බන්ධයෙන් ද ආකාෂ් චොප්රා අදහස් දක්වා ඇත.


එක් පන්දු යවන්නෙකුට පැමිණ සියල්ල සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න බෑ. යථාර්ථය මෙයයි. මේ වසරේ බුම්රා පමණක් සිටින විට MI කණ්ඩායමට සිදු වූයේ කුමක්ද? ඔවුන් වැඩිය දිනුවේ නැහැ නේද? ඉතින් ඔහු කඩුලු 5-6ක් දවා ගන්නා තරගයක් හැර, එක් පන්දු යවන්නෙකුගෙන් පමණක් විශාල වෙනසක් සිදු වෙන්නෑ , ”

ඔහු වැඩිදුරටත් පැවසීය.

4,873 views0 comments