• Shaminda Jayarathne

ඉන්දියාව ආසියානු කුසලාන අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගනීද?

ආසියානු කුසලාන තරඟාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඊයේ පැවති තරඟයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමත් සමගම ඔවුන්ගේ ආසියානු කුසලාන අවසන් මහා තරඟ නියෝජනය මේ වන විට ඉතාම අවධානම් අඩියකට පත්වී තිබෙනවා.


විශේෂයෙන්ම පාකිස්තානය සමග පැවති තරඟයද ඉන්දියාව පරාජයට පත් වුණා. මේ නිසාවෙන් ඉදිරි තරඟ සියල්ලේම ප්‍රථිඵලය මත ඉන්දියාවට අවසන් තරඟයට සුදුසුකම් ලැබීම සඳහා තවත් එක් අවස්ථාවක් ඉතිරිව තිබෙනවා.


ඒ අද දිනයේ පැවැත්වෙන පාකිස්තාන ඇෆ්ගනිස්තාන තරඟය ඇෆ්ගනිස්තානය ජය ගැනීමත් ඉන් පසුව ඇෆ්ගනිස්තාන ඉන්දියා තරඟය ඉන්දියාව ජය ගැනීමත් ශ්‍රී ලංකා පාකිස්තාන තරඟය ශ්‍රී ලංකාව ජය ගැනීමත් යන ප්‍රථිඵලයන් ඔස්සේයි.


ඉහත තරඟ ඒ ආකාරයෙන් විසඳුනහොත් ශ්‍රී ලංකාව තරඟ තුනම ජයග්‍රහණය කොට සිටින අතර ඉන්දියාව, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය යන රටවල් එක් තරඟය බැගින් ජයග්‍රහණය කොට සිටිනවා. ඒ අනුව වඩාත් හොඳ දළ ලකුණු ලබා ගැනීමේ වේගය හිමි කණ්ඩායමට අවසන් තරඟය නියෝජනය කිරීමේ වරම් හිමි වනු ඇති. එලෙස තවමත් ඉන්දියාවට ආසියානු කුසලාන සිහිනය ඉතාම කුඩා වපසරියක් තුළ පවත්වා ගැනීමට හැකිව තිබෙනවා.

3,361 views0 comments