• Chathura Ramanayake

ඉන්දියාවට සහ පාකිස්ථානයට එරෙහිව ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනවා - භානුක



මේ දිනවල ක්‍රියාත්මක වන 2022 ආසියානු කුසලාන තරඟාවලියේ මූලික වටයේ තරඟ 6න් 3ක් මේ වන විට අවසන් ව තිබෙනවා. ඉන්දියාව, පාකිස්ථානය සහ හොංකොං දේශය තරඟ වදින A කාණ්ඩයේ එක් තරඟයක් පැවැත්වුණු අතර ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති එම තරඟය ජය්‍රහණය කිරීමට සමත් වුණේ ප්‍රභල ඉන්දීය කණ්ඩායමයි.


ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ ඇෆ්ගනිස්ථානය තරඟ වදින B කාණ්ඩයේ තරඟ 3න් දෙකක් මේ වන විට අවසන්. එම තරඟ ද්විත්වයේ දී ශ්‍රී ලංකාව සහ බංගලාදේශය පරාජයට පත්කළ ඇෆ්ගනිස්ථානය මේ වන විට සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලබා අවසන්.


ඒ අනුව B කාණ්ඩයෙන් සුපිරි සිව්දෙනාගේ වටයට තේරීපත්වන අවසන් කණ්ඩායම බවට හෙට දිනයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා බංගලාදේශ තරඟයේ ජයග්‍රාහකයින් පත්වෙනු ඇත. මෙවන් පසුබිමක ANI පුවත් වෙබ්අඩවියේ මාධ්‍යවේදී විවේක් ප්‍රභාකර් සිං ශ්‍රී ලංකා ක්‍රීඩක භානුක රාජපක්ෂ මුහුණදුන් සම්මුඛ සාකච්ඡා වක් පිළිබඳව වාර්තා කර තිබුණා.


ඒ අනුව භානුක විසින් තරඟාවලියේ ඉදිරිය පිළිබඳව සහ ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි පිළිබඳව මෙසේ අදහස් දක්වා තිබුණා.


හෙට තරඟය පිළිබද භානුකගේ අදහස


හෙට අපි බංගලාදේශයට එරෙහිව ක්‍රීඩා කරන තරඟය අතිශයින්ම තරඟකාරී වේවි. අවසන් වරට ඔවුන්ට එරෙහිව ක්‍රීඩා කළ තරඟ ද්විත්වයම අපි ජය්‍රහණය කළා. නමුත් බංගලාදේශ කණ්ඩායාම සුළුවෙන් තකන්න බෑ.

ඉන්දීය කණ්ඩායම සහ විරාට් කෝලි ගැන අදහස.


අපි සුපිරි 4 දෙනාගේ වටයේදී ඉන්දියාවට හා පාකිස්ථානයට එරෙහිව ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. කණ්ඩායම් හතරම එකිනෙකාට එරෙහිව ක්‍රීඩා කරන නිසා හොඳ තරඟකාරිත්වයක් තියෙයි.

මම හිතන්නේ නෑ විරාට් කෝලි හොඳ රිද්මයක නෑ කියලා. අපි ඔහුගෙන් නිරතරම ලොකු ඉනිම් බලාපොරොත්තු වෙනවා. ඔහු අනිවර්‍යයෙන්ම ලකුණු 30-40ක් ලබාගන්න අවස්ථාවල අනෙක් අය ඔහු ලකුණු 70ක් 80ක් ලබාගනී කියලා හිතනවා. එහෙම නැතිවෙන නිසයි ඔහු ලකුණු අතර නෑ කියන්නේ.

ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව අසාර්ථක වෙලා ලකුණු 30-40 සීමාවට නොපැමිනෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. නමුත් ඔහු හොඳින් ලකුණු අතරට එනවට මම පෞද්ගලිකව කැමති

යනුවෙන් භානුක සිය අදහස් මාධ්‍ය සමඟ හුවමාරු කරගෙන තිබුණා.

1,346 views0 comments