• Chathura Ramanayake

ඉන්දීය ප්‍රිමියර් ලීගයට නව රීතියක් හදුන්වා දීමේ සූදානමක් ?


එළඹෙන IPL තරඟාවලිය වෙනුවෙන් නව රීතියක් හදුන්වා දීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය සූදානම් වෙයි. ඒ අනුව සෑම කණ්ඩායමකටම එක් ආදේශක ක්‍රීඩකයෙක් භාවිතා කිරීමට ඉඩ සලසන, Impact Player රීතිය හඳුන්වා දීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය අපේක්ෂා කරයි.


ඔක්තෝබර් මස ආරම්භ වීමට නියමිත Syed Mushtaq Ali කුසලාන දේශීය විස්සයි විස්ස තරගාවලියේදීහි එය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව එය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට යොදාගැනීම කෙරෙහි අවදානය යොමු කරනු ඇත.



ESPNcricinfo වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට ඉන්දීය ක්‍රිකට් ආයතනය පසුගිය වසර කිහිපය තුළදී, IPL සඳහා මෙම රීතිය හඳුන්වා දීමට උනන්දු වූ නමුත් පළමුව දේශීය තරගාවලියේදී එය අත්හදා බැලීමට තීරණය කෙරිණි.


මොකක්ද මේ Impact Player කියන්නෙ ?


ආරම්භක ක්‍රීඩකයන් එකොළොස් දෙනා සමඟින්, කාසියේ වාසිය උරගාබැලීමේදී තරගයට ක්‍රීඩා කරන කණ්ඩායමට අමතරව ආදේශක හතරක් නම් කළ යුතු අතර තරඟයේදී එම ආදේශක හතරෙන් එකක් භාවිතා කළ හැක.


එම ක්‍රීඩකයාට පන්දුවට පහර දීමට සහ නියමිත පන්දුවාර ගණන යැවීමට හැකි වන අතර ඕනෑම ඉනිමක 14 වැනි ඕවරය අවසන් වන එම ක්‍රීඩකයාව ආදේශ කළ හැකිය. Impact Player රීතියට අනුව එම ක්‍රීඩකයාට ඉටු කළ හැකි කාර්යභාරය පිළිබඳ සැබෑ සීමාවන් නොමැත.


කණ්ඩායම පිතිකරුවන් 11 දෙනෙකු පමණක් භාවිතා කරන්නේ නම්, උදාහරණයක් ලෙස, Impact Player හට, දැනටමත් දැවී ගිය සහ තවමත් පන්දුවට පහර දීමට සිටින පිතිකරුවෙකුගේ ස්ථානයට යෙදවිය හැකිය. කෙසේ නමුත් තරගයේදී පිතිකරණයේ නියැලිය හැක්කේ ක්‍රීඩකයන් 11කට පමණි.


තරගය අතරතුර පන්දුවාර කිහිපයක් යවා ඇති පන්දු යවන්නෙකුගේ ස්ථානයට ඔහුව ආදේශ කළ හැකි අතර එම ආදේශක ක්‍රීඩකයාට නියමිත පන්දුවාර සියල්ලම එනම් පන්දුවාර හතරම යැවීම සිදු කළ හැකිය. ආබාධයකට ලක්වූ ක්‍රීඩකයෙන් වෙනුවට ආදේශ නොකරන්නේ නම් හැර, මෙම impact ක්‍රීඩකයා ආදේශ කළ හැක්කේ පන්දුවාරයක් අවසානයේ පමණි.





146 views0 comments