• Chathura Ramanayake

ඉන්දීය ප්‍රභලයෙකුට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි.


එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා වන ඉන්දීය කණ්ඩායම අද දිනයේදී ප්‍රකාශයට පත් කොට ඇත. මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිවී ඇත්තේ රොහිත් ෂර්මාටයි. කණ්ඩායමේ උපනායකයා ලෙසින් ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් කටයුතු කරනු ඇත.



ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් මස 16 වනදා ආරම්භක වීමට නියමිතය. අද දිනයේදී ප්‍රකාශයට පත් කෙරුණු ඉන්දීය සංචිතයට ආබාධ හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා නොක්ළ වේගපන්දු යවන්නන් වන ජස්ප්‍රිට් බුම්‍රා හා හර්ෂල් පටෙල් ඇතුළත් කොට ඇත.


ආසියානු කුසලාන තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වූ රවීන්ද්‍ර ජඩේජා මෙවර ඉන්දීය ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව නොමැත. තවද ඉන්දීය කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයන් ලෙසින් මොහොමඩ් ශාමි, රවී බිෂ්නෝයි, ශ්‍රෙයාස් අයියර් හා දීපාක් චහර් නම් කොට ඇත. ඉන්දීය කණ්ඩායම එළඹෙන ඔක්තෝබර් මස 16 ඕස්ට්‍රේලියාව සමගින්ද, ඔක්තෝබර් 19 වනදා නවසීලන්තය සමගින්ද පුහුණු තරග 2කට ක්‍රීඩා කිරීමට නියමිතය.


ඉන්දීය කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ ක්‍රීඩා කරන පළමු තරගය එළඹෙන ඔක්තෝබර් 23වනදා පාකිස්තානයට එරෙහිව පැවැත්වෙයි. ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කළ සංචිත වල වෙනස්කම් ඔක්තෝබර් 9වනදා තෙක් සිදු කළ හැක.


ඉන්දීය සංචිතය


Rohit Sharma (C), KL Rahul (VC), Virat Kohli, Suryakumar Yadav, Deepak Hooda, R Pant (WK), Dinesh Karthik (WK), Hardik Pandya, R. Ashwin, Y Chahal, Axar Patel, Jasprit Bumrah, B Kumar, Harshal Patel, Arshdeep Singh


Standby players - Mohd. Shami, Shreyas Iyer, Ravi Bishnoi, Deepak Chahar

132 views0 comments