• Chathura Ramanayake

ඉදිරියේදී දසුන්ට ක්‍රීඩකයන්ගේ විශ්වාසයත් වැඩියෙන් ලැබේවි - නවීඩ් නවාස්

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන ජයග්‍රහණය කරා ගෙන යාමට සුවිසල් කාර්‍යභාරයක් ඉටුකළ පුද්ගලයන් අතර ශ්‍රී ලංකා සහය පුහුණුකරු නවීඩ් නවාස්ට සුවිශේෂී ස්ථානයක් හිමිවෙයි. ශ්‍රී ලංකා කණ්ඩායම ලද ජයග්‍රහණය හා දසුන් ශානකගේ නායකත්වය පිළිබඳව ශ්‍රී ලංකා සහය පුහුණුකරු නවීඩ් නවාස් අදහස් දක්වා ඇත.


" මම හිතන්නෙ එයා නායකයෙක් විදියට දියුණු වෙනවා. ඕස්ට්‍රේලියානු තරගාවලියේ නායකත්වය දැරුවට වඩා හොද නායකත්වයක් පෙන්නුවා ආසියානු කුසලාන තරගාවලියේ. නායකයෙක් විදියට මම එයාගෙ දකින හොද ගුණාංගයක් තමයි පරාර්ථකාමීබව. එයා ගැන හිතන්නෙම නෑ ගොඩක් වෙලාවට. මම සමහර වෙලාවට කියනවා එයාටත් එයාගෙ ගේම් එක ගැන තව පොඩ්ඩක් අවදානය යොමු කරන්න කියලා"


" නායකයෙක්ට තියෙන්න ඕන දෙයක් එයාට ගොඩක්ම තියෙනවා. ටීම් එක ගැන හරියට හිතන කෙනෙක්. මම හිතනවා ඉස්සරහර ක්‍රීඩකයන්ගේ විශ්වාසයත් වැඩියෙන් ලැබෙයි.අපි එලියෙ ඉදන් බලන් ඉදල නායකයා පිටිය මැද ගන්න තීරණය ඕන කෙනෙක්ට විවේචනය කරන්න පුලුවං. මම හිතන්නෙ නෑ ඒක සාදාරණයි කියල. වෙලාවෙ හැටියට නායකයෙකුට තීරණ ගන්න සිදු වෙනවා."

" පුහුණු කාර්‍යමණ්ඩලය 100%ක් ඔහු පසුපසින් ඉන්නවා. දසුන්ට ගොඩක් අත්දැකීම් තියෙන කෙනෙක්. මම හිතනවා ඔහු හොදින් නායකත්වයේ කාර්‍යභාරය ඉටුකරනවා කියලා"

යනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ සමගින් පැවති Straight Drive වැඩසටහනේදී නවීඩ් නවාස් අදහස් දක්වා ඇත.

107 views0 comments