
Chathura Ramanayake
ඉතිහාසයේ පළමු වරට ප්‍රංශය ලෝක ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණට !!!

ඉතිහාසයේ පළමු වරට ලෝක රග්බි ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණ හිමිකරගැනීමට ප්‍රංශය සමත් වී ඇත. පසුගිය සතියේ පැවති Six National Grand Slam ශූරතා තරගාවලියේ තියුණු තරගයකින් අනතුරුව ලකුණු 20-15ක් ලෙසින් ප්‍රබල ජපාන කණ්ඩායම පරාජයට පත් කරන්නට ප්‍රංශය සමත් විය. එමෙන්ම පසුගිය සතියේදී නවසීලන්ත කණ්ඩායම අයර්ලන්තය හමුවේ ලකුණු 23-12ක් ලෙසින් ද ලෝක ශූර දකුණු අප්‍රිකාව ලකුණු 13-12ක් ලෙසින් වේල්සය හමුවේ පරාජයට පත් වීම හේතුවෙන්ද ශ්‍රේණිගතකිරීම්හි වෙනස්කම් සිදු වී ඇත.
ඒ අනුව නවතම රග්බි යුනියන් ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණ ප්‍රංශයට හිමි වී ඇති අතර එහි දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් අයර්ලන්තය හා දකුණු අප්‍රිකාවට හිමි වී ඇත. ප්‍රබල නවසීලන්ත කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට ශ්‍රේණිගතකිරීම්හි සිව්වන ස්ථානය තෙක් පසු බැස ඇත.
නවතම රග්බි යුනියන් ශ්‍රේණිගතකිරීම්
(+3) ප්‍රංශය - 89.41
(+4) අයර්ලන්තය - 88.79
(-1) දකුණු අප්‍රිකාව - 88.61
(-2) නවසීලන්තය - 88.17
(+6) එංගලන්තය - 85.14
(-5) ඕස්ට්‍රේලියාව - 83.28
(+8) ස්කොට්ලන්තය - 82.99