• Chathura Ramanayake

ඉතිහසයේ පටන් පාකිස්තානුවන් වමත් දගපන්දුවට දුර්වලයි - Aamir Sohail



සංචාරක පකිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලිය හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතය. දග පන්දු යවන්නන්ට උචිත ගාල්ල තනතිරුවේ පැවැත්වෙන මෙම තරගය ජයග්‍රහණය අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට පිවිසෙනු ඇත. තරග දෙකකින් සමන්විත මෙම තරගාවලිය සම්බන්දයෙන් හිටපු පකිස්ථාන නායක අමීර් සොහේල් අදහස් දක්වා ඇත.


පකිස්ථාන පිතිකරුවන්ට තරග දෙකකින් සමන්විත තරගාවලිය සාර්ථක කර ගැනීමට නම් වමත් දඟ පන්දු යවන්නන්ට එරෙහිව ඔවුන්ගේ දුර්වලතා මඟහරවා ගත යුතු බව පාකිස්තානයේ හිටපු නායක අමීර් සොහේල් පැවසීය.


" කණ්ඩායම් දෙකම දඟ පන්දු කඩුලු වල ගොඩනැගුනු කණ්ඩායම් දෙකක්. නමුත් මම විශ්වාස කරනවා පාකිස්තානයට යම් බලපෑමක් කරලා මේ තරගමාලාව ජයග්‍රහණය කරන්න නම් ගොඩක් මහන්සි වෙන්න වෙයි කියලා."


" පාකිස්ථානු ක්‍රීඩකයින් වමත් දඟපන්දු යවන්නන්ට එරෙහිව දුර්වලතාවයක් ඇති බව අපි ඉතිහාසයේ ඉදන් දන්නවා. එබැවින් ඔවුන් එයට මුහුණ දිය යුතුය. ඔවුන් තරගාවලියට හොඳින් සූදානම් විය යුතු අතර පිතිකරුවන් වගකීම භාර ගත යුතුය."


" පසුගිය තරග මාලාවේදී ඉමාම් උල් හක් හොදින් ස්ථාවර වුණා. අබ්දුල්ලා ෂෆීක් ඔහුගේ හැකියාව හොදින් පෙන්නුම් කළා. රිස්වාන් හොදින් ක්‍රීඩා කරමින් සිටිනවා. මම කියන්නේ නැහැ බාබර් කෙරෙහි අධික විශ්වාසයක් තියෙනවා කියලා, නමුත් බබාර් ලොකු නමක් තියාගෙන ඉන්න ක්‍රීඩකයෙක් නිසා, හැම තරගයකදීම විශේෂ දෙයක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා."



0 views0 comments