• Chathura Ramanayake

ඇෆ්ගනිස්තාන පිතිකරුවන් අයර්ලන්ත පන්දු යවන්නන් ඉදිරියේ දණ නවයි !!!



සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය ඊයේ දිනයේදී පැවැත්විණි. තරගයේ කාසියේ වාසිය හිමිකරගනිමින් ඇෆ්ගනිස්තානය නායක මොහොමඩ් නබී පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. එම තීරණයට සාදාරණයක් ඉටු කිරීමට ආරම්භක පිතිකරු යුගලය අසමත් වද්දී ඔවුන් දෙදෙනාම එක් ලකුණකදී දවාගැනීමට ජෝෂ් ලිට් හා මාක් ඒඩාර්ට හැකිවිය.


ඊබ්‍රහීම් සද්‍රාන් හතරේ පහර 4ක් සමගින් ලකුණු 17ක් රැස්කළේය. නජිබුල්ලා සද්‍රාන් හා නායක මොහොමඩ් නබීට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 8ක් හා ලකුණු 9ක් පමණි. ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූයේ හෂ්මටුල්ලා ශහීදිය. ඔහු පන්දු 42කදී හතරේ පහර 3ක් සමගින් ලකුණු 36ක් රැස්කිරීමට සමත් විය.


ඇෆ්ගනිස්තාන සෙසු පිතිකරුවන් කිසිවෙක් ලකුණු 15 සීමාව ඉක්මවන්නට අපොහොසත් වද්දී නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 8ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 122ක් පමණි. පන්දු යැවීමේදී අයර්ලන්තය වෙනුවෙන් ඒඩාර්, ගැරෙත්, ලිට්ල් හා කැම්පර් යන පන්දු යවන්නන් කඩුලු 2 බැගින් බිදහෙලීය.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන අයර්ලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු පෝල් ස්ටර්ලින් ලකුණු 4කදී දවාගැනීමට නවීන් උල් හක් සමත් විය. අනතුරුව නායක ඇන්ඩි බැල්බර්නි හා ලෝකන් ටකර් එක්ව දෙවන කඩුල්ලට ලකුණු 65ක් එක්කරන්නට විය. ලෝකන් ටකර් හතරේ පහර 3ක් සමගින් ලකුණු 27ක් රැස්කළේය. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නායක ඇන්ඩි බැල්බර්නි පන්දු 36ක් තුළ හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 46ක් රැස්කිරීමට සමත් විය.


ජෝජ් ඩොක්‍රෙල් පන්දු 19කදී එක් හතරේ පහරක් හා හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 25ක් රැස්කරමින් අයර්ලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් විය. ඒ අනුව පන්දුවාර 19ක් අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී තරගයේ ජයග්‍රහණය කිරීමට අයර්ලන්ත ක්‍රීඩකයන්ට හැකිවිය. තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 2-0ක් ලෙසින් අයර්ලන්තය පෙරමුණෙහි පසුවෙයි. තරගයේ වීරයා ලෙසින් ජෝෂ් ලිට්ල් සම්මානයට පාත්‍ර විය.


AFGHANISTAN : 122/8(20 Overs)

Hashmatullah Shahidi 36 (42), Ibrahim Zadran 17 (13)

Mark Adair 2/12 (3), Curtis Campher 2/13 (3)


IRELAND : 125/5(19 Overs)

Andy Balbirnie 46 (36), Lorcan Tucker 27 (28)

Mohammad Nabi 2/15 (2), Naveen-ul-Haq 1/12 (3)

39 views0 comments