• Chathura Ramanayake

ඇෆ්ගනිස්තානයට නව පුහුණුකරුවෙක් !!



සෞඛ්‍ය හේතූන් මත ඇෆ්ගනිස්තාන ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත් වූ ග්‍රැහැම් තෝප් වෙනුවට, හිටපු එංගලන්ත මැදපෙළ පිතිකරු ජොනතන් ට්‍රොට් ඇෆ්ගනිස්ථානයේ නව පුහුණුකරු ලෙස සිකුරාදා නම් කරන ලදී.


ට්‍රොට්ගේ පුහුණකාරීත්වය යටතේ ඇෆ්ගනිස්තානය එළඹෙන අගෝස්තු මාසයේදී අයර්ලන්ත සංචාරයකට එක්වීමට නියමිත අතර එහිදී විස්සයි20 ජාත්‍යන්තර තරඟ පහකට ඔවුන් ක්‍රීඩා කරනු ඇත.


41 හැවිරිදි ට්‍රොට්, එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර තරග 200කට වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇති අතර, 2021 වසරේ ඉන්දීය සංචාරයේදී එංගලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළේය.


එමෙන්ම පසුගිය වසරේ පැවති පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ස්කොට්ලන්ත කණ්ඩායමේ පිතිකරණ උපදේශකයෙකු ලෙසින් ද ඔහු කටයුතු කළේය. මීට අමතරව එංගලන්ත එංගලන්ත ලයන්ස් සහ U19 කණ්ඩායම් සමඟ කටයුතු කර ඇත.

52 views0 comments