• Chathura Ramanayake

ඇෆ්ගනිස්තානයට ආසියානු කුසලානය ජයග්‍රහණය කරන්න තිබ්බා - Asghar Afghan

හිටපු ඇෆ්ගනිස්ථාන නායක අස්ගර් ඇෆ්ගන් ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරඟාවලියේදී ඉන්දියා කැපිටල්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතය. ඇෆ්ගනිස්තානය ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ ඉහළ තලයකට ඔසවා තබන්නට අස්ගර් ඇෆ්ගන් සුවිසල් කාර්‍යභාරයක් ඉටු කළ ක්‍රීඩකයෙකි.


ආසියානු කුසලානයේ ඇෆ්ගනිස්ථානයේ සාර්ථකත්වය, විරාත් කෝලි සහ රෝහිත් ෂර්මාගේ විශිෂ්ටත්වය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව අස්ගර් ඇෆ්ගන් අදහස් දක්වා ඇත. ඇෆ්ගනිස්තානය හොඳින් ක්‍රීඩා කළ නමුත් ආසියානු කුසලානය දිනාගත යුතුව තිබූ බව හිටපු නායකයා ප්‍රකාශ කොට ඇත.


ඇෆ්ගනිස්තානය ආසියානු කුසලානයේ හොඳින් ක්‍රීඩා කළ නමුත් මම විශ්වාස කරනවා අපි තරගාවලිය ජයග්‍රහණය කළ යුතුව තිබුණා කියලා. අපි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩා කරමින් සිටියා. අපි එහි තත්වයන් හොඳින් දැන සිටියා. ඒ වගේම T20 කියන්නෙ අපි ඉදිරියෙන්ම ඉන්න ආකෘතිය. ලොව පුරා විවිධ ලීගවල ක්‍රීඩා කරන ක්‍රීඩකයින් රාශියක් අප සතුව ඉන්නවා. අපිට ගොඩක් අත්දැකීම් සහ දක්ෂතා තියෙනවා, ඒ නිසා අපිට තරගාවලිය දිනන්න තිබුණා."


රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි ඉක්මනින්ම දැවී ගියහොත් ඉන්දීය පිල එක්දින තරගයකදී ලකුණු 100-120කටත්, විස්සයි20 තරගයකදී ලකුණු 60-70කටත් වඩා අඩුවෙන් දවාගත හැකි බව ඔහු සදහන් කොට ඇත.

ක්‍රිකට් ක්‍රීඩකයෙක් දස්කම් නොදැක්වූ විට කතා බහට ලක්වෙනවා. එය සෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේම ක්‍රීඩා ජීවිතයේ කොටසක්. නමුත් අපි ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කරන හැමවිටම අපේ සැලැස්ම තිබුණේ රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි වටායි. අපි කිව්වේ ‘ඔවුන් දෙදෙනා දවාගන්න, ඉන්දියන් ටීම් එකෙන් බාගයක් ඉවරයි’ කියලා. ඔවුන්ට තනිවම තරග දිනවන්න පුළුවන්.”

අපට ඔවුන්ව ආරම්භයේදී දවාගත නොහැකි නම් ඔවුන් හිසරදයක් වෙනවා. විශේෂයෙන්ම විරාත් කෝලි. එයා සෙට් උනාම දවාගන්න හරිම අමාරුයි. අපි දෙන්නම කලින්ම දැවී ගියොත් ඉන්දියාව එක්දින තරගයකදී ලකුණු 100-120ක් සහ T20කදී ලකුණු 60-70ක් වගේ රැස්කරාවි කියලා අපි විශ්වාස කලා

4,185 views0 comments