• Chathura Ramanayake

ඇමරිකනු ක්‍රීඩක ස්ටීවන් ටේලර්ගෙන් ශතකයක් !!!


මෙම වසරේ ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ දෙවන තරග අදියර සිම්බාබ්වේහිදී ආරම්භ විය. මෙම තෝරාගැනීමේ තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 8ක් එක්වන අතර ඊයේ දිනයේදී එම වටයට අදාල තරග 4ක් පැවැත්විණි.


සිම්බාබ්වේ හා සිංගප්පූරුව අතර තරගය


කාසියේ වාසිය හිමිකරගත් සිංගප්පූරුව පළමුව පන්දු යැවූ අතර ප්‍රතිවාදී සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 5කට ලකුණු 236ක් රැස්කළහ. ශිකන්ධර් රාසා පන්දු 40කදී හතරේ පහර 8ක් හා හයේ පහර 5ක් සමගින් ලකුණු 87ක් රැස්කළේය. පිළිතුරු ලෙසින් සිංගප්පූරු කණ්ඩායමට රැස්කිරීමට හැකිවූයේ කඩුලු 7ක් දැවී ලකුණු 125ක් පමණි. පන්දු යැවීමේදී ටෙන්ඩායි චටාරා ලකුණු 25ට කඩුලු 3ක් දවාගත්තේය.


නෙදර්ලන්තය හා පැපුවා නිව්ගිනියාව අතර තරගය


කාසිය වාසිය හිමිකරගනිමින් පන්දුවට පහර දුන් නෙදර්ලන්තය කඩුලු 7කට ලකුණු 163ක් රැස්කිරීමට සමත් වූහ.නෙදර්ලන්තය වෙනුවෙන් ස්ටෙපාන් මයිබර්ග් ලකුණු 39ක් රැස්කළේය. ඉලක්කය හබායාමට පිටියට පිවිසි පැපුවා නිව් ගිනියා කණ්ඩායම සියලු ක්‍රීඩකයන් දැවී රැස්කළේ ලකුණු 111ක් පමණි. නෙදර්ලන්ත වෙනුවෙන් පන්දු යැවීමේදී ලෝගන් බීක් කඩුලු 3ක් දවාගැනීමට සමත් විය.


ජර්සි කණ්ඩායම හා ඇමරිකා එක්සත් ජනපදය අතර තරගය


කාසියේ වාසිය හිමිකරගත් ඇමරිකානුවන්ගේ ආරාධනයෙන් පිටියට පිවිසි ජර්සි කණ්ඩායම පන්දුවාර විස්ස තුළ කඩුලු 5ක් දැවී ලකුණු 154ක් රැස්කිරීමට සමත් විය. ජර්සි කණ්ඩායම වෙනුවෙන් අසා ට්‍රිබේ පන්දු 45කදී එක් හතරේ පහරක් හා හයේ පහර 7ක් සමගින් නොදැවී ලකුණු 73ක් රැස්කළේය. ඉලක්කය හබායාමට පිටියට පිවිසි ඇමරිකාව කඩුලු 2ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කිරීමට සමත් වූහ. ස්‍ටීවන් ටේලර් ඇමරිකාව වෙනුවෙන් පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර ශතකය වාර්තා කරමින් පන්දු 55ක් තුළ හතරේ පහර 12ක් හා හයේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 101ක් රැස්කළේය.


හොංකොං කණ්ඩායම හා උගන්ඩාව අතර තරගය


කාසියේ වාසිය ලද හොංකොං කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළද කඩුලු 9ක් දැවී ඔවුනට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 87ක් පමණි. කින්චිට් ශාහ් හොංකොං කණ්ඩායම වෙනුවෙන් ලකුණු 37ක් රැස්කළ අතර පන්දු යැවීමේදී උගන්ඩා ක්‍රීඩක දිනේෂ් නක්‍රානි ලකුණු 12ට කඩුලු 4ක් බිදහෙලීය. ඉලක්කය හබාගිය උගන්ඩා ක්‍රීඩකයන් කඩුලු 8ක් දැවී තිබියදී තරගය ජයග්‍රහණය කිරීමට සමත් වූහ.

0 views0 comments