• Chathura Ramanayake

ආසියානු හා ලෝක කුසලාන තරගාවලි පිළිබඳව ශකිබ් අල් හසන් අදහස් දක්වයි !!



එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය හා පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය ශකිබ් අල් හසන්ට හිමි විය. බංග්ලාදේශය විස්සයි විස්ස තරග ආකෘතිය තුළදී අසාර්ථක වීම හමුවේ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් මෙම තීරණය ගනු ලැබීය. ඔවුන් විස්සයි විස්ස ලෝක කුසලානයෙන් අනතුරුව ක්‍රීඩා කළ තරග 11 අතුරින් ජයග්‍රහණය කොට ඇත්තේ තරග 2ක් පමණි.


“මට ඉලක්ක නැහැ. මගේ එකම අරමුණ වන්නේ අපට ලෝක කුසලානයේ දී හොඳින් ක්‍රීඩා කළ හැකි වීමයි, ඒ සඳහා සූදානම් වීමට ආසියානු කුසලාන තරගාවලිය තියෙනවා අපිට."


“යමෙක් සිතනවා නම් මට දිනකින් හෝ දෙකකින් ඒ දේවල් වෙනස් කළ හැකියි කියකා අපි ජීවත් වන්නේ මෝඩ රාජ්‍යයක. ඔබට ප්‍රායෝගිකව සිතීමට හැකියාවක් ඇත්නම්, මාස තුනකින් අප කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේදී හොඳින් දස්කම් දක්වන විට ඔබට අපගේ සැබෑ දියුණුව දැකගත හැකි වනු ඇත”


" අපි මුලින්ම මෙම ආකෘතිය ක්‍රීඩා කළේ 2006දී. එතැන් පටන් අපට ආසියානු කුසලාන අවසන් තරගය හැර හොඳ ප්‍රතිඵල ලැබී නැහැ. අපි එතැන් සිට මෙම තරග ආකෘතියේ බොහෝ පසුපසින් සිටින නිසා අපට නව ආරම්භයක් ගැනීම හැර වෙනත් විකල්පයක් නැ".


"ළදරුවෙකු ඇවිදීමට පටන් ගන්නා විට පළමු පියවර ඉතා අපහසු නමුත් ක්‍රමයෙන් ඔවුන් වර්ධනය වෙද්දි පහසු වෙනවා. අපටත් ළදරුවෙකු මෙන් පියවරෙන් පියවර ඇවිදීමට පටන් ගෙන ඉදිරියට යාමට හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා"


" ආසියා කුසලානයේ කොයිතරම් වෙනසක් කරන්න පුලුවන් වෙයිද කියලා කියන්න අමාරුයි. මොකද කාලය බොහොම අඩුයි. නමුත් මා කී පරිදි, පුහුණු කාර්ය මණ්ඩලයේ සිට සහය කාර්ය මණ්ඩලය දක්වා අප සැමට මෙහි වගකීමක් තියෙනව. අපි හැමෝටම එකට වැඩ කරන්න පුළුවන් නම්, අලුත් ගමනක් ආරම්භ කරන්න පුලුවන් කියලයි මට හිතෙන්නෙ".

431 views0 comments