• Chathura Ramanayake

ආසියානු කුසලාන සංචිතයෙන් ඉන්දීය ප්‍රභලයෙකු ඉවතට !!



එළඹෙන අගෝස්තු මස 27වනදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය ඊයේ දිනයේදී ප්‍රකාශයට පත් කෙරිණි. ඊයේ දිනයේදී ප්‍රකාශයට පත් කෙරුනු ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය සංචිතයේ නායකත්වය රෝහිත් ෂර්මාට හිමි වී ඇත.


ආබාධයකට ලක්ව සිටි ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් ඉන්දීය සංචිතයට කැදවා ඇති අතර හිටපු ඉන්දීය නායක විරාට් කෝලිටද ආසියානු කුසලාන සංචිතයේ සිය ස්ථානය හිමි වී ඇත. ඉන්දීය කණ්ඩායමේ ප්‍රභලතම වේගපන්දු යවන්නා වන ජස්ප්‍රිට් බුම්‍රා ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙවර ආසියානු කුසලාන තරගාවලියට නම් කෙරුනු ඉන්දීය කණ්ඩායමට ඇතුළත් වී නොමැත.


එමෙන්ම වේගපන්දු යවන ක්‍රීඩක හර්ෂාල් පටෙල්ද ආබාධයකට ලක්ව තිබීම හේතුවෙන් ඉන්දීය සංචිතයට නම් කොට නැත. තවද ආබාධයන්ට ලක්වූ ශ්‍රෙයාස් අයියර්, අක්ෂාර් පටෙල් හා දීපාක් චහර් යන ක්‍රීඩකයන්ට මෙවර ආසියානු කුසලාන තරගාවලිය අහිමි වී ඇත. ආසියානු කුසලාන තරගාවලියට නම් කළ ඉන්දීය සංචිතයට රවිචන්ද්‍රන් අශ්වින් කැදවා ඇත.


ආසියානු කුසලාන තරගාවලියට නම් කළ ඉන්දීය සංචිතය


රෝහිත් ෂර්මා (C), ලෝකේෂ් රාහුල් (vc), විරාත් කෝලි, සූර්යකුමාර් යාදව්, දීපක් හූඩා, රිෂාබ් පාන්ට් (wk), දිනේෂ් කාර්තික් (wk), හර්දික් පාන්ඩ්‍යා, රවීන්ද්‍ර ජඩේජා, රවිචන්ද්‍රන් අශ්වින්, යුෂ්වේන්‍ද්‍රන් චහල්, රවී බිෂ්නෝයි, බුවනේෂ්වර් කුමාර්, අර්ෂදීප් සිං, අවේෂ් ඛාන්

3,426 views0 comments