• Chathura Ramanayake

ආසියානු කුසලාන සත්කාරකත්වය වෙනුවෙන් තවත් රටක් සූදානම් කරයි !!!



මෙම වසරේ අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සත්කාරකත්වය සැපයීම වෙනුවෙන් බංග්ලාදේශය සූදානම් කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සලය තීරණය කොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත. මෙවර ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබුණද ශ්‍රී ලංකාව තුළ වත්මන් දේශපාලන තත්වය සැලකිල්ලට ගනිමින් තරගාවලිය පැවැත්වීමට බංග්ලාදේශයද සූදානම් කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සලය තීරණය කොට ඇත.


ආසියානු ක්‍රිකට් කවුන්සලය තරගාවලියේ සත්කාරකත්වය පිළිබඳව මෙම මස අවසානයේදී තීරණය කිරීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තත්වය යටතේ ඕස්ට්‍රේලියාවට එරෙහි පූර්ණ තරගාවලියක් සාර්ථක අන්දමින් පැවැත්වූ අතර පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලියද එළඹෙන 16වනදා ආරම්භ වීමට නියමිතය.


ආසියානු කුසලාන තරගාවලිය අවදානමක් යටතේ පැවැත්වීමට කිසිදු අවශ්‍යතාවක් ආසියානු ක්‍රිකට් කවුන්සලයට නොමැති බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් අඩවිය වාර්තා කොට ඇත.විස්සයි විස්ස ආකෘතිය යටතේ පැවැත්වෙන මෙවර තරගාවලියට ශ්‍රී ලංකාව , ඉන්දියාව , පාකිස්තානය , බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය එක්වන අතර එක්සත් අරාබි එමීර් , කුවේටය, සිංගප්පූරුව හා හොංකොං යන රටවල් අනෙක් ස්ථානය වෙනුවෙන් තරග වදිනු ඇත.




63 views0 comments