• Shaminda Jayarathne

ආසියානු කුසලාන පරාජය ප්‍රශ්නයක් නෑ අපි සැහැල්ලුවෙන් ඉන්නවා - රෝහිත් ශර්මා


ආසියානු කුසලාන තරඟාවලියේ දෙවන වටයේදී ඉන්දියාව සහභාගී වූ පළමු තරඟ ද්විත්වයම පරාජයට පත් වීමෙන් අනතුරුව ඉන්දියාවට අවසන් මහා තරඟයට එක් වීමේ අවස්ථාව ඉතාම අවධානම් අඩියකට පත් වුණා. ඊයේ දිනයේදී ඇෆ්ගනිස්තානය පරාජයට පත් කරමින් පාකිස්තානය ජය ලැබීමත් සමගම ඉන්දීය බලාපොරොත්තු සුණු විසුණු වී ගිය අතරම ඔවුන් තරඟාවලියෙන් ඉවත් වුණා. නමුත් මේ සම්බන්ධයෙන් රෝහිත් ශර්මා වෙනස්ම මතයක් දරනවා.


ශර්මා ප්‍රකාශ කොට සිටින්නේ තරඟ දෙකක් පරාජයට පත් වුවත් කණ්ඩායමේ සඟයන් බොහොම පහසුවෙන් සහ සැහැල්ලුවෙන් සිටිනා බවයි. විශේෂයෙන්ම මේ තරඟ පරාජයට ප්‍රථමව පසුගිය වසරක කාලය තුළදී බොහොමයක් ජයග්‍රහණයන් ලබා ගැනීමට හැකියාව ලැබුණ නිසා මෙය තවත් තරඟ දෙකක් පමණක් යැයි කණ්ඩායම සිතන බවය.

බුවනේෂ්වර් කුමාර් ගේ 19 වන පන්දුවාරයට අවස්ථා දෙකකදීම ප්‍රහාර එල්ල වීම සම්බන්ධයෙන් ද අදහස් දක්වන රෝහිත් ශර්මා කියා සිටින්නේ සාමාන්‍යයෙන් අත්දැකීම් බහුල පන්දු යවන්නෙක්ට වුනත් ඒවා වෙන්න පුලුවන්. අත්දැකීම් බහුල පිතිකරුවන් පවා දැවී ගියා. ඕවා සාමාන්‍ය දේවල් යනුවෙනුයි.


කෙසේ වෙතත් මේ තත්ත්වය අමතක කර දමා සැහැල්ලුවෙන් සිටිනා කණ්ඩායම එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයට වඩාත් අවධානය යොමුකර සිටින බවටද ඉන්දීය නායක රෝහිත් ශර්මා ප්‍රකාශ කොට තිබුණා.

256 views0 comments