• Chathura Ramanayake

ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේදි !!!

Updated: Jul 17



මෙම වසරේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බවට වාර්තා වෙයි. නමුත් මේ පිළිබඳව නිළ නිවේදනය තවමත් ආසියානු ක්‍රිකට් කවුන්සලය ප්‍රකාශයට පත් කොට නොමැත. මෙවර ආසියානු කුසලාන තරගාවලිය අගෝස්තු මස 27වනදා ආරම්භ වීමට නියමිතය.


මෙවර තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලැබීමේ වටයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායමද ඇතුළුව කණ්ඩායම් 6ක් තරග,වදිනු ඇත. තරගාවලියේ පළමු තරගය වෙනුවෙන් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් බංග්ලාදේශ කණ්ඩායම තරග වදිනු ඇත.


තරගාවලියේ කාලසටහන


මූලික වටය


  • අගෝස්තු 27 - ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය

  • අගෝස්තු මස 28 - ඉන්දියාව හා පාකිස්තානය

  • අගෝස්තු මස 29 - බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය

  • අගෝස්තු මස 30 - පාකිස්තානය හා සුදුසුකම් ලබන කණ්ඩායම

  • සැප්තැම්බර් මස 1 - ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය

  • සැප්තැම්බර් මස 2 - ඉන්දියාව හා සුදුසුකම් ලබන කණ්ඩායම


(කාලසටහනෙහි සංශෝධනයන් විය හැකිය*)

0 views0 comments