• Chathura Ramanayake

ආසියානු කුසලාන තරගාවලිය යළිත් ලංකාවට ?



ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය බොහෝ දුරට ශ්‍රී ලංකාව විසින් දරනු ඇතැයි වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් එළඹෙන ජූලි මස 28 වනදා ආසියානු ක්‍රිකට් කවුන්සිල නිළධාරීන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිළධාරීන් අතර පැවැත්වීමට නියමිතය.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචිමාර්ග වලට අනුව ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් දැනටමත් ශ්‍රී ලංකාවට සත්කාරක බලතල ලබාදී ඇතත් රට තුළ පවතින වර්තමාන තත්වය හේතුවෙන් එම ක්‍රියාවලිය තවමත් අවසන් කොට නැත. කෙසේ නමුත් ශ්‍රී ලංකා රජය ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කොට ඇති අතර තරගාවලිය මෙරටදී පැවැත්වීම සම්බන්ධයෙන් කොළ එළියක් නිකුත් කොට ඇත.


තරගාවලිය අගෝස්තු මස 24වනදා සිට සැප්තැම්බර් මස 10වනදා දක්වා පැවැත්වෙයි. තරගාවලියේ සියලු තරග කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කොට ඇති අතර තරගාවලියේ සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහය පළ කිරීමට ශ්‍රී ලංකා රජය සහතික වී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් මේ වන විට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වෙනුවෙන් බර්මින්ග්හැම්හි රැදී සිටින අතර ඔවුන් නැවත මෙරටට පැමිණීමේදී ආසියානු කවුන්සල නිළධාරීන් හමුවීමට නියමිතය.

68 views0 comments