• Chathura Ramanayake

ආසියානු කුසලාන තරගාවලියේ කාලසටහන් ප්‍රකාශයට පත් කෙරේ !!!



මෙවර ආසියානු කුසලාන තරගාවලිය අගෝස්තු මස 27වනදා සිට සැප්තැම්බර් මස 11 වනදා තෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතය. තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව සතු අතර මෙවර තරගාවලිය විස්සයි විස්ස ආකෘතිය යටතේ පැවැත්වෙයි. මෙවර තරගාවලියේ කාලසටහන අද දිනයේදී නිළ වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇත.


ඒ අනුව මෙවර තරගාවලියේ පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම තරග වැදීමට නියමිතය. එම තරගය අගෝස්තු මස 27වනදා ඩුබායිහිදී පැවැත්වෙයි. තරගාවලියේ දෙවන තරගය ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර අගෝස්තු මස 28වනදා ඩුබායිහිදී පැවැත්වෙයි. තරගාවලියේ පළමු වටයේ තරග සැප්තැම්බර් මස 2වනදායින් අවසන් වීමට නියමිතය.


ඉන් අනතුරුව සුපිරි කණ්ඩායම් හතරෙහි තරග වටය සැසැප්තැම්බර් 3වනදා සිට 9වනදා තෙක් පැවැත්වෙනු ඇත. අවසන් මහා තරගය සැප්තැම්බර් මස 11වනදා ඩුබායිහිදී පැවැත්වෙනු ඇත. තරගාවලියේ තරග ඩුබායි හා සාජාහිදී පැවැත්වෙයි.


තරගාවලියේ කාලසටහන

  1. අගෝස්තු 27 - ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය - ඩුබායිහිදී

  2. අගෝස්තු 28 - ඉන්දියාව හා පාකිස්තානය - ඩුබායිහිදී

  3. අගෝස්තු 30 - බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය - සාජාහිදී

  4. අගෝස්තු 31 - ඉන්දියාව හා සුදුසුකම් ලබන කණ්ඩායම - ඩුබායිහිදී

  5. සැප්තැම්බර් 1 - ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ - ඩුබායිහිදී

  6. සැප්තැම්බර් 2 - පාකිස්තානය හා සුදුසුකම් ලබන කණ්ඩායම - සාජාහිදී

  7. සැප්තැම්බර් 3 - B 1 හා B2 - සාජාහිදී

  8. සැප්තැම්බර් 4 - A1 හා A2 - ඩුබායිහිදී

  9. සැප්තැම්බර් 6 - A1 හා B1 - ඩුබායිහිදී

  10. සැප්තැම්බර් 7 - A2 හා B2 - ඩුබායිහිදී

  11. සැප්තැම්බර් 8 - A1 හා B2 - ඩුබායිහිදී

  12. සැප්තැම්බර් 9 - B1 හා A2 - ඩුබායිහිදී

  13. සැප්තැම්බර් 11 - අවසන් මහා තරගය - ඩුබායිහිදී

මෙහිදී A1, A2 ලෙසින් දක්වා ඇත්තේ A කාණ්ඩයේ පෙරමුණ හිමිකරගන්නා කණ්ඩායම් යුගලයයි.

A කාණ්ඩයට ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය ඇතුළත් අතර B කාණ්ඩයට ඉන්දියාව , පාකිස්තානය හා සුදුසුකම් ලබන කණ්ඩායම ඇතුළත් වනු ඇත.

0 views0 comments