• Chathura Ramanayake

ආසියානු කුසලාන තරගාවලියට පෙර දේශීය විස්සයි විස්ස තරගාවලියක් !!!



රට තුළ පවතින දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වය හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කල් දැමීමට සිදුවිය. මේ හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබූ කාල සීමාව තුළ දේශීය විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමින් පසුවන බවට වාර්තා වෙයි. එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය හා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කොට ගනිමින් මෙම තරගාවලිය පැවැත්වෙනු ඇත.


කණ්ඩායම් හතරක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය අගෝස්තු මස 9 වනදා ආරම්භ වීමට නියමිතය. එක් දිනයකට දිවා තරගයක් හා රාත්‍රී තරගයක් පැවැත්වීමට සැලසුම් කොට ඇත. තරගාවලියේ අවසන් මහා තරග අගෝස්තු මස 16වනදා පැවැත්වීමට සැලසුම් කොට ඇත. තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි සංවිධායක සමන්ත දොඩන්වල මහතා Daily Mirror වෙත අදහස් පළකොට ඇත.


ජාතික තේරීම් කමිටුව විසින් ජාතික සංචිත හරහා හොඳම ක්‍රීඩකයින් 60 දෙනා තරගාවලිය වෙනුවෙන් තෝරාගැනීමට නියමිතය. නමුත් අන්තර් සමාජ එක්දින තරඟාවලියේදී හොඳින් දස්කම් දැක්වූ ක්‍රීඩකයින් ද කණ්ඩායම් සංචිතයන්ට ඇතුළත් කරනු ඇත. එම ක්‍රීඩකයන්ට දක්ෂතා දැක්වීමට මෙය කදිම අවස්ථාවක් වේවි.

46 views0 comments