• Chathura Ramanayake

ආසියානු කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය !!



එළඹෙන අගෝස්තු මස 27වනදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කොට ඇත. ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය හිමි වී ඇත්තේ දසුන් ශානකටයි. ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් සංචිතයට ඇතුළත්ය.


චරිත් අසලංක, භානුක රාජපක්ෂ, පැතුම් නිස්සංක යන ක්‍රීඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ ඒකකය ශක්තිමත් කිරීමට සූදානමින් පසුවෙයි. දසුන් ශානක, චාමික කරුණාරත්න, වනිදු හසරංග තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් ආසියානු කුසලාන සංචිතයට ඇතුළත්ය. මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ ඒකකය ශක්තිමත් කරනු ඇත.


ආසියානු කුසලාන තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතය

  1. දසුන් ශානක (නායක)

  2. පැතුම් නිස්සංක

  3. ධනුෂ්ක ගුණතිලක

  4. චරිත් අසලංක

  5. කුසල් මෙන්ඩිස්

  6. භානුක රාජපක්ෂ

  7. අශේන් බණ්ඩාර

  8. චාමික කරුණාරත්න

  9. වනිදු හසරංග

  10. මහීෂ් තීක්ෂණ

  11. දුෂ්මන්ත චමීර

  12. දිල්ෂාන් මධුසංඛ

  13. දිනේෂ් චන්දිමාල්

  14. ප්‍රවීන් ජයවික්‍රම

  15. ධනංජය ද සිල්වා

  16. ජෙෆ්‍රි වැන්ඩසේ

  17. බිනුර ප්‍රනාන්දු

  18. කසුන් රාජිත

  19. නුවනිදු ප්‍රනාන්දු

  20. මතීෂ පතිරණ

මෙම සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ ට්විටර් ගිනුමෙහි පළ කොට ඇත.

1,016 views0 comments