• Chathura Ramanayake

ආසියානු කුසලාන ජයග්‍රහණයේ රහස ක්‍රිකට් සභාපතිවරයා හෙළිකරයි


ආසියානු කුසලාන ජයග්‍රහණය පිළිබඳව මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද පැවැත්විණි. ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණීමෙන් අනතුරුව නිළ වශයෙන් සහභාගී වූ පළමු මාධ්‍ය හමුව මෙය විය. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතා මෙම ජයග්‍රහණයේ රහස පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වීය.


ඇත්තටම අපි මහේලව ගත්තේ මහේල පුහුණුකරු විදියට හැම සංචරයටම යන්න නෙවේ. හැබැයි අපිට කියන්න පුළුවන් අපි උඩට එන එකේ එක හේතුවක් තමයි මෙතන මහේල සිටීම. මහේල ඇත්තටම හැංගිලා කරන රෝල් එකක් වගේ තමයි කරන්නේ.

තේරීම් ක්‍රියාවලිය, උපක්‍රම වගේ දේවල් වලට මහේල සම්බන්ධ වෙනවා. ජුනියර් ක්‍රිකට් එකේ ඉදලම අපි ලෝකයේ සැහෙන්න වර්ධනය වෙලා තියෙන්නේ. ඒ ඔක්කොටම මහේලගේ ලොකු දායකත්වයක් තියෙනවා.

එයා මුම්බායි ගියා කියල නෑ ඒක අපි ඒ විදියටම සිදුකරගෙන යනවා. එයාගෙන් අපිට ලොකු සේවයක් වෙනවා එයාගේ දැනුම. මහේල අපේ උපදේශක ලෙස තමයි වැඩ කරන්නේ. අපේ තේරීම් කමිටුව කරන තේරීම් වලින්, ඒ ඔක්කොම එකතු වෙලා තමයි මේවා කරන්නේ ටීම් එකක් විදියට
ඉස්සර අපිට තිබ්බ ලොකු පාඩුවක් තමයි අපිට හොද ක්‍රිකට් ක්‍රීඩකයෝ එකතු වෙලා හිටු නැති එක. අපේ දැන් ඔක්කොම ක්‍රිකට් ක්‍රීඩකයෝ එකතු වෙලා ඉන්නේ. අපිට ලොකු සේවයක් වෙනවා එකෙන්. එක තමයි අපේ රහස

683 views0 comments