• Chathura Ramanayake

ආසියානු කුසලාන ජයග්‍රහණය පිටුපස මහේල සිටියාද ?


ආසියානු කුසලාන තරගාවලිය පසුගියදා අවසන් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම හයවන වරටත් ශූරයන් ලෙසින් කිරුලු පලන්දවමිනි. මෙවර තරගාවලියේ ක්‍රියාත්මක වූ සැලසුම් පිළිබඳව තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා අදහස් දක්වා ඇත.ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කල ආකාරයේ වෙනසක් පැවතීම පිළිබඳව ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ අදහස් දක්වා ඇත.



" ඇත්තටම මහේල ගොඩක් සම්බන්ධ වුණා මේ වෙනස සිදුකරන්න. අපි නිලකුණු පන්දු අඩුකරන්න කටයුතු කලා. විස්සයි විස්ස තරගයක් යන රටාවක් තියෙනවා. කඩුලු බිදවැටුනත් ඒක ගෙනියන්න ඕන ඉස්සරහට. අවසන් තරගයේ අපේ විකට් 5ක් ගිහින් තියෙද්දිත් අපේ අය නැවැත්තුවෙ නෑ. එන එන අය තමන්ගෙ ගේම් එක ගැහුවා. ඒක හරි ගිය දවසට හරියටම හරි."

" අපි ක්‍රීඩකයො හදලා තියෙනවා ඉතුරු අවුරුදු 2ට, ඉතුරු අවුරුදු 5ට, ඉතුරු අවුරුදු 10ට. භානුකව අපි හැදුවෙ මැච් එකක් දෙකක් ගහල යවන්න නෙවේ තව අවුරුදු 5ක් එයාගෙන් වැඩ ගන්න. වෙල්ලාලගේට තව අවුරුදු 10ක් ක්‍රිකට් තියෙනවා ඉස්සරහට.ඉස්සරහට දැං මේක තියෙන්නෙ පුහුණුකරුවන් අතේ. තව අවුරුද්දක් යනකොට ලෝකෙ කාටවත් අපිව පරද්දන්න බෑ.

" කුසල් ජනිත්ගෙ සැත්කම කරලා එයාව ලෝක කුසලානයට සූදානම් කරල දෙන්න කියල මං කිව්වා. නමුත් ඔහුට ක්‍රිකට් පටන් ගන්න තව මාස 2,3ක් යාවි. එළඹෙන ලෝක කුසලානයට මහේල කණ්ඩායම සමගින් එකතු වෙනවා. සැලසුම් ඔක්කොම සකස් කරන්නෙ මහේල, පුහුණුකරු හා දත්ත විශ්ලේෂක එකතු වෙලයි.




2,526 views0 comments