• Shaminda Jayarathne

ආසියානු කුසලාන ඉතිහාසයේ වැඩිම ශතක හිමිකාරිත්වය වමත් කසකරු සනත් ට!

ආසියානු කුසලාන ඉතිහාසය ගත් කළ එහි පළමු ශතකය වාර්තා කළ පිතිකරු ලෙසින් පාකිස්තානයේ මොයින් උල් අතීක් නාමය සටහන්ව තිබෙනවා. ඔහු 1988 වර්ෂයේදී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 105ක් වාර්තා කරගනිමින් මෙම දස්කම දැක්වූවා. එතැන් පටන් ආසියානු කුසලාන වලදී ශතක 52ක් වාර්තා වී ඇති අතරම වැඩිම ශතක ලාභීන් අතරේ පෙරමුණ හිමිව තිබෙන්නේ සනත් ජයසූරියට සහ කුමාර් සංගක්කාරට වීමද විශේෂත්වයක්. මේ සටහන ඒ සම්බන්ධයෙනුයි.


1. සනත් ජයසූරිය


ආසියානු කුසලාන ඉතිහාසයේ ඉනිම 24ක් ක්‍රීඩා කළ සනත් ජයසූරිය වාර්තා කළ ශතක සංඛ්‍යාව 6ක් ලෙසින් සටහන් වනවා. 1997 වර්ෂයේදී බංග්ලාදේශයට එරෙහිව පන්දු 83 කින් වේගවත් ලකුණු 108ක් වාර්තා කරගත් සනත් තම ශතක දඩයම ආරම්භ කළා. ඔහුගේ ශතක ලැයිස්තුව පහත පරිදි සටහන් කළ හැකියි


1. බංග්ලාදේශයට එරෙහිව 1997 දී ලකුණු 108

2. ඉන්දියාවට එරෙහිව 2000 දි ලකුණු 105

3. බංග්ලාදේශයට එරෙහිව 2004 දි ලකුණු 107*

4. ඉන්දියාවට එරෙහිව 2004 දි ලකුණු 130

5. බංග්ලාදේශයට එරෙහිව 2008 දි ලකුණු 130

6. ඉන්දියාවට එරෙහිව 2008 දි ලකුණු 125



සනත් ජයසූරිය 2008 ආසියානු කුසලාන අවසන් තරඟයේ ශතකය වාර්තා කළ අවස්ථාව

Image - www.espncricinfo.com


ඔහු විසින් රැස් කළ අවසන් ශතකය 2008 ආසියානු කුසලාන අවසන් මහා තරඟයේදී රැස් කිරීමද විශේෂ කාරණයක් ලෙසින් සටහන් කළ හැකියි.


2. කුමාර් සංගක්කාර


ආසියානු කුසලාන ඉතිහාසයේ දෙවනියට වැඩිම ශතක ලාභියා ලෙසින්ද ශ්‍රී ලාංකික නමක් සටහන් වනවා. ඒ කුමාර් සංගක්කාර ගේ නාමයයි. ඔහු විසින් ආසියානු කුසලාන වලදී ඉනිම 23ක් ක්‍රීඩා කරමින් රැස් කරගෙන තිබෙන ශතක සංඛ්‍යාව 4ක්. ඒවා පිළිවෙලින් නම් කළහොත්,



සංගා 2014 ආසියානු කුසලානයේ ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කරමින්

Image - www.cricketaddictor.com


1. බංග්ලාදේශයට එරෙහිව 2008 දි ලකුණු 101

2. පාකිස්තානයට එරෙහිව 2008 දි ලකුණු 112

3. බංග්ලාදේශයට එරෙහිව 2008 දි ලකුණු 121

4. ඉන්දියාවට එරෙහිව 2014 දි ලකුණු 103


3. විරාට් කෝලි


ඉනිම 10 කදී ශතක 3ක් වාර්තා කරගෙන සිටින විරාට් කෝලි හට මෙම ලැයිස්තුවේ තෙවන ස්ථානය හිමිව තිබෙනවා. වැඩිම ශතක ලාභීන් සිව්දෙනා අතරින් මෙවර ආසියානු කුසලානය සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩකයා වන්නේද කෝලි පමණක් වීම විශේෂත්වයක්. නමුත් මෙවර තරඟාවලිය 20/20 ආකෘතිය වීම නිසාවෙන් කෝලිට තම ශතක ගොඩ වැඩිකර ගැනීමට ලැබෙන අවස්ථාව ඉතා සීමිත බවත් සඳහන් කළ යුතුයි.


1. ශ්‍රී ලංකාවට එරෙහිව 2012 දි ලකුණු 108

2. පාකිස්තානයට එරෙහිව 2012 දි ලකුණු 183

3. බංග්ලාදේශයට එරෙහිව 2014 දි ලකුණු 136



කෝලි පාකිස්තානයට එරෙහිව රැස් කළ ලකුණු 183 ඉනිමේ අවස්ථාවක්

Image - www.espncricinfo.com


කෝලි පාකිස්තානයට එරෙහිව වාර්තා කළ ලකුණු 183 ක ඉනිම ආසියානු කුසලාන ඉතිහාසයේ පිතිකරුවෙකු විසින් වාර්තා කරන ලද හොඳම ඉනිම ලෙසින්ද වාර්තා වී තිබෙනවා.


4. ශොයිබ් මලික්


පාකිස්තාන පිතිකරු ශොයිබ් මලික් ඉනිම 15ක් තුළදී ශතක 3ක් වාර්තා කරගෙන ආසියානු කුසලාන ඉතිහාසයේ වැඩිම ශතක ලාභී ලැයිස්තුවේ සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. මලික් 2004 වර්ෂයේදී තම මුල්ම ශතකය වාර්තා කළා. ඔහුගේ ශතක 3 පහත පරිදි සඳහන් කළ හැකියි



පාකිස්තානය වෙනුවෙන් ශතක 3ක් රැස් කළ ශොයිබ් මලික්

Image - www.hindustantimes.com



1. හොංකොං ට එරෙහිව 2004 දි ලකුණු 118

2. ඉන්දියාවට එරෙහිව 2004 දි ලකුණු 143

3. ඉන්දියාවට එරෙහිව 2008 දි ලකුණු 125*


මෙවර ආසියානු කුසලානයට සහභාගී වන ක්‍රීඩකයන් අතරේ වැඩිම ශතක ලාභීන් අතරේ විරාට් කෝලිට පසුව සිටින්නේ බංගලදේශ ක්‍රීඩක මුෂ්පිකර් රහීම් වීමද විශේෂත්වයක්. ඔහු විසින් ආසියානු කුසලාන ඉතිහාසයේ ශතක 2ක් වාර්තා කරගෙන තිබෙනවා. පෙර සඳහන් කළ පරිදිම තරඟාවලිය පැවැත්වෙන 20/20 ආකෘතිය නිසාවෙන් මෙවර පිතිකරුවෙක්ට ශතකයක් ලබා ගැනීම ඉතාම අසීරු කරුණක් බව පැවසීම නිවැරදියි.

564 views0 comments