• Chathura Ramanayake

ආසියානු කුසලානය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ACCයට දැනුම් දෙයි !!!



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බදාදා දිනයේදී ආසියානු ක්‍රිකට් කවුන්සිලයට දන්වා සිටියේ රට තුළ පවතින දේශපාලන හා ආර්ථික අර්බුදය හේතුවෙන් ආසියානු කුසලාන T20 තරඟාවලිය මෙරට තුළ පැවැත්වීමට නොහැකි බවයි.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාව, ඉන්දීය කාන්තා කණ්ඩායම හා පකිස්ථානය සමඟ මෙරට තුළදී තරගාවලීන් ක්‍රීඩා ලළ පසුබිමක් තුළය. නමුත් රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් තුන්වන අදියර කල්දැමීමෙන් දින කිහිපයකට පසුව ආසියානු කුසලාන තරගාවලිය සම්බන්ධ තීරණයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළඹ ඇත.


"ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර ඇත්තේ තම රටේ පවතින දේශපාලන සහ ආර්ථික තත්ත්වය හේතුවෙන් මෙවැනි දැවැන්ත තරඟාවලියක් දිවයිනේ පැවැත්වීම සුදුසු නොවන බවයි" යනුවෙන් ආසියානු ක්‍රිකට් කවුන්සිල ප්‍රකාශකයෙකු PTI මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත.


ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන T20 ලෝක කුසලානයට පෙර මේ වසරේ අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී ආසියානු කුසලානය පැවැත්වීමට නියමිත බැවින් ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් ඉදිරි දින කිහිපය තුළ මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවද එම නිලධාරියා පැවසීය.


තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීම සම්බන්ධයෙන් අවසාන තීරණය තවමත් ගෙන නෑ. එය වෙනත් රටක් වුවද විය හැකිය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසන් අනුමැතිය ලබා ගැනීම සඳහා එක්සත් අරාබි එමීර් ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් සමඟ කතා කිරීම ප්‍රථමයෙන් සිදු කළ යුතුයි.

0 views0 comments