• Chathura Ramanayake

ආසියානු කුසලානයේදි වනිඳු සහ චරිත් තීරණාත්මකයි - විස්ඩන් සඟරාව.



ආසියානු කුසලාන ඉතිහාසය තුළ වැඩිම වරක් ශූරතාවය දිනූ කණ්ඩායම් අතර දෙවන ස්ථානයේ රැදෙනුයේ ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන ඉතිහාසයේ පස්වරක්ම ශූරයන් ලෙසින් කිරුලු දරා ඇත. මෙවර ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් තරුණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය.


ප්‍රකට විස්ඩන් වෙබ් අඩවිය විසින් ආසියානු කුසලාන තරගාවලිය සදහා එක්වන ශ්‍රි ලංකා කණ්ඩායම පිළිබඳව පෙර විමසුමක් සිදුකොට ඇති අතර අවදානය යොමු කළ යුතු ක්‍රීඩකයන් දෙදෙනෙකු පිළිබඳව ද සටහනක් තබා ඇත.ඒ අනුව පසුගිය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන වැඩිම කඩුලු ලාභියා බවට පත් වූ වනිදු හසරංග හා උපනායක චරිත් අසලංක, අවදානය යොමු කළ යුතු ක්‍රීඩකයන් ලෙසින් විස්ඩන් සගරාව නම් කොට ඇත.


වනිදු හසරංග අවශ්‍ය ඕනෑම මොහොතකදී පිත්තෙන්ද සිය කණ්ඩායමට අවශ්‍ය දායකත්වය ලබාදිය හැකි ක්‍රීඩකයෙකි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ මහීෂ් තීක්ෂණටද මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී දැවැන්ත කාර්‍යභාරයක් පැවරෙනු ඇතැයි එම ලිපියේ සදහන්ව ඇත. පසුගිය කාල සීමාව තුළදී ශ්‍රී ලංකාව පිතිකරණය අතින් එතරම් ස්ථාවර නොවුනද භානුක රාජපක්ෂ, දසුන් ශානක, චරිත් අසලංක හා කුසල් මෙන්ඩිස් යන පිතිකරුවන්ට ඉක්මනින් ඉනීම වේගවත් කිරීමේ හැකියාව පවතිම බවද එහි සටහන්ව ඇත.


එමෙන්ම ධනුෂ්ක ගුණතිලකට වේගවත් ආරම්භයක් ලබා ගත හැකි අතර, ඉනීමේ මැද පන්දුවාර වලදී එම වගකීම දැරීමට ධනංජය සිල්වාට හැකි බවද විස්ඩන් වෙබ් අඩවිය සදහන් කරයි.ශ්‍රී ලංකා කණ්ඩායම හෙට(27) දිනයේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග වැදීමට නියමිත අතර සැප්තැම්බර් මස 1වනදා බංග්ලාදේශය සමගින් තරග වැදීමට නියමිතය.


අවදානය යොමු කළ යුතු ක්‍රීඩකයන්


වනිදු හසරංග

වනිදුගේ දස්කම් අනුව ශ්‍රී ලංකාව තරගාවලියේ ක්‍රීඩා කරන ආකාරය පිළිබඳව පහසුවෙන් නිගමනය කළහැකිය. පාදගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග තීරණාත්මක අවස්ථාවලදී කඩුලු දවාගැනීමට අසාමාන්‍ය දක්ෂතා ඇති පන්දු යවන්නෙකු බව මෙන්ම දක්ෂ පිතිකරුවකු බවද ඔප්පු කොට ඇත. තණතීරු දඟ පන්දු යවන්නන්ට හිතකර වුවහොත් ශ්‍රි ලංකා කණ්ඩායමට තරගාවලියේ ඉදිරියට යාමට ඔහුට නිසැකවම උදව් විය හැකිය.


චරිත් අසලංක

2021 වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ලකුණු 46.2ක පිතිකරණ සාමාන්‍යයක් හා 147ක ප්‍රහාරාත්මක වේගයක් සහිතව ලකුණු 231ක් රැස්කිරීමට ඔහුට හැකිවිය. කණ්ඩායමේ උපනායකයා ලෙසින් ඔහු මෙවරද ඒ හා සමාන ලකුණු ප්‍රමාණයක් රැස්කරනු ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු වනු ඇත. ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ ඒකකය කෙසේ ක්‍රියාත්මක වේද යන්න මුල් පෙළ පිතිකරුවකු ලෙසින් ක්‍රීඩා කරන චරිත් අසලංකගේ දස්කම් මගින් විදහාපානු ඇත.

349 views0 comments