• Chathura Ramanayake

ආසියානු කුසලානය දෝත දරාගෙන ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නිළවශයෙන් නිවේදනය කොට ඇත. දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට ක්‍රීඩකයන් 15ක් ඇතුළත් ය.


ආසියානු කුසලාන තරගාවලියේ විශිෂ්ට දස්කම් පෑ ක්‍රීඩකයන් මෙවර ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කොට ඇත. ඒ අනුව ආසියානු කුසලාන තරගාවලියේ වීරයා බවට පත් වූ වනිදු හසරංග, අවසන් මහා තරගයේ වීරයා වූ භානුක රාජපක්ෂ ඇතුළු ප්‍රභල ක්‍රීඩකයන් රැසක් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ය.



මේ අතර ආබාධයකට ලක්ව සිට වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර යළිත් වරක් ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වීමට අවස්ථාව හිමි වී ඇත.


ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයට ක්‍රීඩා කරන අතර පළමු තරගයේදී නැමීබියාවට එරෙහිව තරග වැදීමට නියමිතය. අනතුරුව ඔක්තෝබර් 18 එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ද ඔක්තෝබර් 20 නෙදර්ලන්තයට එරෙහි තරග වදිනු ඇත.


ආසියානු කුසලාන තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතය


දසුන් ශානක

පැතුම් නිස්සංක

කුසල් මෙන්ඩිස්

චරිත් අසලංක

ධනංජය ද සිල්වා

භානුක රාජපක්ෂ

වනිදු හසරංග

චාමික කරුණාරත්න

මහීෂ් තීක්ෂණ

දුෂ්මන්ත චමීර

දිල්ෂාන් මධුසංඛ

ජෙෆ්‍රි වැන්ඩසේ

ප්‍රමෝද් මදුෂාන්

ධනුෂ්ක ගුණතිලක

ලහිරු කුමාර


අතිරේක ක්‍රීඩකයන්

දිනේෂ් චන්දිමාල්

අශේන් බණ්ඩාර

නුවනිදු ප්‍රනාන්දු

බිනුර ප්‍රනාන්දු

ප්‍රවීන් ජයවික්‍රම


3,772 views0 comments