• Shahan Fernando

ආසියානු කුසලානය තුළ ශ්‍රී ලංකාවේ ඉදිරි තරඟ කාලසටහන.


ආසියානු කුසලාන තරඟාවලියේ පළමු වටයේ මුහුණදුන් තරඟ ද්විත්වයෙන් එක් තරඟයක් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම අනෙක් තරඟය ජයග්‍රාහීව නිමා කිරීමට සමත් වුණා.


ඇෆ්ගනිස්ථානයට එරෙහිව දැවැන්ත පරාජයක් ලැබුවත් බංග්ලාදේශයට එරෙහිව උද්වේගකර සටනකින් අනතුරුව ජය වාර්තා කිරීම හේතුවේ පළමු වටයේ B කාණ්ඩයේ දෙවැනි තැන හිමිකරගත් ශ්‍රී ලංකාව සුපිරි සිව්දෙනාගේ වටයේ ස්ථානයක් වෙන් කරගැනීමට සමත් වුණා.


මේ වන විට ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව සුපිරි සිව්දෙනා අතරට සුදුසුකම් ලබා තිබෙන අතර අද පැවැත්වෙන පාකිස්ථාන හොංකොං තරඟයේ ජයග්‍රාහී කණ්ඩායම සුපිරි සිව්දෙනා අතරට සුදුසුකම් ලබන අවසන් කණ්ඩායම වනු ඇති.



Image Source - Getty Images


කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි සිව්දෙනාගේ වටයේ තරඟ කාලසටහන මෙම ලිපිය හරහා ඔබවෙත වාර්තා කරන්නට අපි සූදානම්. මෙම වටයේදී කණ්ඩායම 4ම එකිනෙකා සමඟ එක් තරඟය බැගින් ක්‍රීඩා කළයුතුයි. ඒ අනුව සෑම කණ්ඩායමකට තරඟ 3ක් හිමිවනු ඇති.


තරඟ සියල්ල අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම පසුවන කණ්ඩායම් ද්විත්වය අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට නියමිතයි. ඒ අනුව ශ්‍රී ලංකාව ඉදිරි සතිය තුළදී ඉන්දියාව, පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානයට එරෙහිව තරඟ වදිනු ඇති.


ශ්‍රී ලංකා තරඟ කාලසටහන


ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරඟය

සැප්තැම්බර් 03 | පස්වරු 7:30 | ශාජා ක්‍රීඩාපිටිය


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟය

සැප්තැම්බර් 06 | පස්වරු 7:30 | ඩුබායි ක්‍රීඩාපිටිය


ශ්‍රී ලංකාව සහ පාකිස්ථාන/හොංකොං අතර තරඟය

සැප්තැම්බර් 09 | පස්වරු 7:30 | ඩුබායි ක්‍රීඩාපිටිය


මෙම සියලු තරඟ වල තොරතුරුත් ඔබවෙත ගෙන ඒමට Creedanet.com අපි සූදානම්. කෙළිබිමේ තොරතුරු ලද සැනින් දැනගැනීමට ඔබත් අදම Creeda Sports Network Facebook පිටුව Follow කරන්න.


858 views0 comments