• Shaminda Jayarathne

ආසියානු කුසලානය ජයග්‍රහණයට වැඩිම අවස්ථාව තියෙන්නේ ඉන්දියාවට - සල්මන් බට්

හිටපු පාකිස්තාන ක්‍රිකට් නායක මෙන්ම පසුව තරඟ පාවාදීමේ චෝදනා මත තහනමකට ලක් වූ සල්මන් බට් විසින් මෙවර ආසියානු කුසලානය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කොට සිටින්නේ ජයග්‍රහණයේ වැඩිම අවස්ථාව ඉන්දියාව සතු බවයි.


"ඔව් ඔවුන්ට ආසියානු කුසලානය ජයග්‍රහණය කරන්නට පුලුවන්. වර්තමානයේදී ඉන්දියාව ක්‍රීඩා කරන ආකාරය, වර්තමානයේදී ඉන්දියාව සතු ක්‍රීඩකයන් ගේ දක්ෂතාවය එයට මනා පිළිතුරුක් ලබා දෙනවා. ඔවුන් තමයි මෙවර තරඟාවලිය ජයග්‍රහණය කරන්නට ඉදිරියෙන්ම සිටින්නේ."


ඒ වගේම තවදුරටත් අදහස් දක්වමින් බට් ප්‍රකාශ කරන්නේ ඉන්දියාවට පසුව ආසියානු කුසලානය ජය ගැනීමේ හැකියාව ඇත්තේ පාකිස්තානයට බවයි. අවශ්‍ය මොහොතකදී ඕනෑම කණ්ඩායමක් පරාජයට පත් කිරීමේ හැකියාව පාකිස්තානය සතු බවට සල්මන් බට් ප්‍රකාශ කොට තිබෙනවා.


තරඟාවලියේ අනපේක්ෂිත දක්ෂතාවයක් දැක්විය හැකි කණ්ඩායම (Dark Horse) වන්නේ ඇෆ්ගනිස්තානය බවත් ඔහුගේ මතයට ඇතුළත්. තරඟාවලියට සහභාහී වන ශ්‍රී ලංකා කණ්ඩායම කෙරෙහි සල්මන් බට් ගේ කිසිඳු අවධානයක් යොමු නොවී තිබීමද විශේෂත්වයක්.

72 views0 comments