• Chathura Ramanayake

ආසියානු කුසලානය එක්සත් අරාබි එමීර්හිදී..

Updated: Jul 28



ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් සංවිධානය කරන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර්හිදී පැවැත්වෙන බවට තහවුරු කොට ඇත. ඒ අනුව මෙවර තරගාවලිය අගෝස්තු මස 27 වනදා සිට සැප්තැම්බර් මස 11 වනදා තෙක් පැවැත්වෙනු ඇත. මින් පෙර තරගාවලිය ශ්‍රී ලංකාවෙහි පැවැත්වීමට නියමිතව තිබුණද ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් තරගාවලිය මෙලෙසින් ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ එක්සත් අරාබි එමීර්හිදී පැවැපැවැත්වෙනු ඇත .


මෙවර තරගාවලිය කණ්ඩායම් හයක සහභාගිත්වයෙන් විස්සයි විස්ස ආකෘතිය යටතේ පැවැත්වෙනු ඇත. තරාගාවලියට මේ වන විටත් ශ්‍රී ලංකාව , ඉන්දියාව, පාකිස්තානය , බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය සුදුසුකම් ලබා ඇත. සුදුසුකම් ලැබීමේ වටයට කණ්ඩායම් හතරක් ක්‍රීඩා කිරීමට නියමිත අතර ඉන් එක් කණ්ඩායමක් අගෝස්තු මස 27 වනදා ආරම්භ වන තරගාවලියට ක්‍රීඩා කරනු ඇත.

0 views0 comments