• Chathura Ramanayake

ආසියානු කුසලානයේ ඉහළම ලකුණු ලාභී පිතිකරණ ලැයිස්තුවට මෙන්ඩිසුත්.


2022 ආසියානු කුසලාන තරඟාවලියේ සුපිරි සීදෙනාගේ වටයේ තරඟ ඊයේ දිනයේදී ආරම්භ වුණා. මූලික වටය අවසානයේ A කාණ්ඩයෙන් ඉන්දියාව හා පාකිස්තානයත්, B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානයත් සුපිරි සිව්දෙනා ගේ වටය සඳහා සුදුසුකම් ලැබුවා.


එම වටයේ පළමු තරඟය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර ඊයේ දිනයේදී පැවැත්වුනා. ඇෆ්ගනිස්ථානය ලබාදුන් ලකුණු 176ක ඉලක්කය විශිෂ්ඨ අයුරින් හඹාගිය ශ්‍රී ලංකාව සුපිරි සිව්දෙනාගේ වටයට සාර්ථක ආරම්භයක් ලබාගත් අතර මේ වන විට ශ්‍රී ලංකාව මෙවර ආසියානු කුසලානය තුළ තරඟ 3කට මුහුණ දී ඉන් තරඟ 2ක් ජයගැනීමට සමත්ව තිබෙනවා.


කෙසේ නමුත් මේ වන විට ආසියානු කුසලාන තරඟාවලියේ තරඟ 7ක් අවසන් ව තිබෙන අතර අවසන් මහා තරඟය ද ඇතුලුව තවත් තරඟ 6ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.


තරඟාවලියේ තරඟ 7ක් අවසානයේ ඉහළම ලකුණු ලාභී පිතිකරුවන් පිළිබඳව මෙම ලිපියෙන් අපි අවධානය යොමු කිරීමට සූදානම්.


ඉහළම ලකුණු ලාභීන් 05 දෙනා.


1. රමනුල්ලා ගුර්බාස් - ඇෆ්ගනිස්ථානය

ලකුණු - 135

ඉණිම - 3

ප්‍රහාරාත්මක වේගය - 166.67

ලකුණු සාමාන්‍ය - 45.00

හතරේ පහර - 8

හයේ පහර - 10


2. මොහොමඩ් රිස්වාන් - පාකිස්ථානය

ලකුණු - 122

ඉණිම - 2

ප්‍රහාරාත්මක වේගය - 122.22

ලකුණු සාමාන්‍ය - 122

හතරේ පහර - 10

හයේ පහර - 2


3. කුසල් මෙන්ඩිස් - ශ්‍රී ලංකාව

ලකුණු - 98

ඉණිම - 3

ප්‍රහාරාත්මක වේගය -

ලකුණු සාමාන්‍ය - 32.67

හතරේ පහර - 6

හයේ පහර - 6


4. ඊබ්‍රහිම් සද්‍රාන් - ඇෆ්ගනිස්ථානය

ලකුණු - 97

ඉණිම - 3

ප්‍රහාරාත්මක වේගය - 105.43

ලකුණු සාමාන්‍ය - 48.5

හතරේ පහර - 8

හයේ පහර - 1


5. විරාට් කෝලි - ඉන්දියාව

ලකුණු - 94

ඉණිම - 2

ප්‍රහාරාත්මක වේගය - 120.51

ලකුණු සාමාන්‍ය - 94.00

හතරේ පහර - 4

හයේ පහර - 4

4,603 views0 comments