• Chathura Ramanayake

ආසියානු කුසලානය අරන් ලංකාවට යන එක තමයි ලොකුම බලාපොරොත්තුව - මහීෂ්




ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ පළමු තරගයෙන් ඇෆ්ගනිස්තානයට එරෙහිව විශිෂ්ඨ ජයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඊයේ දිනයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවසන් පන්දුවාර කිහිපය අඩු ලකුණු සංඛ්‍යාවකට යවා නිමකළහ. මහීෂ් තීක්ෂණට,එරෙහිව පළමු පන්දුවාර දෙක තුළදී ලකුණු 22ක් රැස්කොට තිබුණද ඔහු අවසන් පන්දුවාර දෙක තුළ ලකුණු 7ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් ද දවාගැනීමට සමත් විය. තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී මහීෂ් තීක්ෂණ තරගය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.


" අපි ඉතා පහසුවෙන් තරගය ජයග්‍රහණය කළා. කලින් තරගයෙන් පස්සෙ අපිට හොද ආත්ම විශ්වාසයක් තිබ්බා. මෙම ක්‍රීඩාංගණය ඩුබායි ක්‍රීඩාංගණයට වඩා පොඩියි. ඒ හංද අපිට එම ඉලක්කය හබා යන්න පුලුවන් උනා. ඔවුන් හොද කණ්ඩායමක්. නමුත් අපි හොද ආත්ම විශ්වාසයකින් හිටියේ. අපිටත් ඉන්නවා හොද කණ්ඩායමක්. ඒ නිසා අපිට ඔවුන්ව පරාජයට පත් කරන්න පුලුවන් වුනා"

" ඔවුන්ගේ ඉනීමේ දාහතරවන පන්දුවාරය තෙක් කඩුල්ලේ රැදී සිටියේ දකුණත් පිතිකරුවන් දෙදෙනෙක්. ඒකයි මම අවසන් පන්දුවාර හතර තෙක් හිටියේ. දහනවවන පන්දුවාරයේදී මට හොද සැලැස්මක් තිබ්බා. මම එය ක්‍රියාත්මක කරා. ඒකයි එම පන්දුවාරය ලකුණු 3කට යවල කඩුල්ලක් දවාගන්න පුලුවන් වුණේ. පළවෙනි තරගයේ අපි 104යි ගැහුවේ. ඒ හංද මේ තරගය ජයග්‍රහණය කරන්න අපිට ඕනි වුණා. "

ඉන්දියාව හා පාකිස්තානය සමගින් පැවැත්වෙන තරග සම්බන්ධයෙන් ද මහීෂ් තීක්ෂණ අදහස් දක්වා ඇත.


" අපිට එම තරග දෙකටත් හොද ආත්ම විශ්වාසයක් තියෙනවා. ඒ වගේම අපිට හොද සමබර කණ්ඩායමක් ඉන්නවා. අපි ඇත්තටම සැලසුම් යොදන්නෙ තරගයෙන් තරගයට. අපේ තියෙන අඩුපාඩු හදාගෙන ඊළඟ තරගය සෙල්ලම් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නෙ. අපිට ගොඩක් අත්දැකීම් හම්බුනා IPL තරගාවලියෙන්. අපේ බලාපොරොත්තුව තමයි ඊළඟ තරග 2ත් දිනලා අවසන් තරගයත් දිනලා ආසියානු කුසලානය අරං ලංකාවට යන එක තමයි ලොකුම බලාපොරොත්තුව."

126 views0 comments