• Chathura Ramanayake

ආසියානු කුසලානය අභිමුඛ ශ්‍රී ලංකා පන්දු බළඇණිය අවදානමක



ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ තවත් දින දහයකටත් අඩු කාලසීමාවක්. එවන් පසුබිමක ඊයේ දිනයේදී තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවුණා.

ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත සංචිතය පන්දු යැවීමට වැඩි බරක් තබමින් නිර්මාණය වී තිබුණා.


කෙසේ නමුත් අද දිනයේදී වාර්තා වුණේ සංචිතයට නම්කල ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක් අබාධ හටගැනීම හේතුවෙන් සහභාගී වීමේ අවිනිශ්චිතතාවක පසුවන බවයි.


වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු සහ කසුන් රාජිත මේ අතර සිටින අතර ඔවුන් දෙදෙනාට ආසියානු කුසලානය මගහැරීමට නියමිතයි.


ඒ වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන් එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.


විශේෂම කාරණාව වන්නේ ශ්‍රී ලංකා පිලේ ප්‍රභලම වේගපන්දු තුරුම්පුව වන දුෂ්මන්ත චමීර ගේද පාදයේ හටගත් ආබාධ තත්ත්වයක් තවමත් සුව අතට පත්නොවීමයි.


ඔහු සංචිතයෙන් ඉවත් කරනවාද නැද්ද යන්න තවමත් නිශ්චිත නොවන අතර ඔහු ක්‍රීඩා නොකළහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට බරපතල අවාසියක් වනු නොඅනුමානයයි.


තරඟාවලියට මින්පෙර නම්කර තිබූ සංචිතය මෙසේයි.


දසුන් ශානක (නායක),පැතුම් නිස්සංක ධනුෂ්ක ගුණතිලක, චරිත් අසලංක ,කුසල් මෙන්ඩිස් ,භානුක රාජපක්ෂ ,අශේන් බණ්ඩාර ,චාමික කරුණාරත්න, වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ ,දුෂ්මන්ත චමීර ,දිල්ෂාන් මධුසංඛ ,දිනේෂ් චන්දිමාල් ,ප්‍රවීන් ජයවික්‍රම, ධනංජය ද සිල්වා , ජෙෆ්‍රි වැන්ඩසේ , බිනුර ප්‍රනාන්දු, කසුන් රාජිත, නුවනිදු ප්‍රනාන්දු , මතීෂ පතිරණ


3,167 views0 comments