• Shahan Fernando

ආසියානු කුසලානයේ අණසක පතුරන ඉහළම ලකුණු ලාභීන් ත්‍රිත්වය.

ආසියානු කුසලාන තරඟාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තවත් ඉතිරිව ඇත්තේ තරඟ දෙකක් පමණයි. ඒ අද පැවැත්වෙන ඉන්දු-ඇෆ්ගන් තරඟය සහ හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා-පාකිස්ථාන යන තරඟයි.


තරඟ දෙක බැගින් පරාජයට පත්වුණු ඇෆ්ගන් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම මේ වන විට තරඟාවලියෙන් ඉවත්ව අවසන්. ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය මේ වන විට අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ඇති අතර එළඹෙන 11 වන ඉරිදා දින පස්වරු 7:30 තරඟය පැවැත්වීමට සුදානම්.


අතිශය උද්වේගකර තරඟ අවසානයන් දක්නට ලැබුණු මෙවර තරඟාවලියේ ඉහළම ලකුණු ලාභීන් පිළිබඳව මෙම ලිපියේදි අපි අවධානය යොමු කිරීමට සූදානම්.



මොහොමඩ් රිස්වාන්


මෙවර තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වන්නේ පාකිස්ථාන ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන්. ඔහු මෙවර තරඟාවලිය තුළ දක්වා ඇති දක්ශතා පහත පරිදි වේ.


තරඟ - 4

ලකුණු - 212

ඉහළම ඉණිම - ලකුණු 78*

ලකුණු සාමානය - 70.66

ප්‍රහාරාත්මක වේගය - 120.45

අර්ධ ශතක - 2

හතරේ පහර - 17

හයේ පහර - 5


තරඟයෙන් තරඟය ලකුණු රැස් කළ ආකාරය

ඉන්දියාවට එරෙහිව - 43 (42)

හොංකොං දේශයට එරෙහිව - 78* (75)

ඉන්දියාවට එරෙහිව - 71 (51)

ඇෆ්ගනිස්ථානයට එරෙහිව - 20 (26)


කුසල් මෙන්ඩිස්


මෙවර තරඟාවලියේ දෙවන වැඩිම ලකූණු ලාභියා වන්නේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස්. ඔහු මෙවර තරඟාවලිය තුළ දක්වා ඇති දක්ශතා පහත පරිදි වේ.


තරඟ - 4

ලකුණු - 155

ඉහළම ඉණිම - ලකුණු 60

ලකුණු සාමානය - 38.75

ප්‍රහාරාත්මක වේගය - 159.79

අර්ධ ශතක - 2

හතරේ පහර - 10

හයේ පහර - 9


තරඟයෙන් තරඟය ලකුණු රැස් කළ ආකාරය

ඇෆ්ගනිස්ථානයට එරෙහිව - 2 (4)

බංග්ලාදේශයට එරෙහිව - 60 (37)

ඇෆ්ගනිස්ථානයට එරෙහිව - 36 (19)

ඉන්දියාවට එරෙහිව - 57 (37)


විරාට් කෝලි


මෙවර තරඟාවලියේ තෙවන වැඩිම ලකූණු ලාභියා වන්නේ ඉන්දීය අංක 3 පිතිකරු විරාට් කෝලි. ඔහු මෙවර තරඟාවලිය තුළ දක්වා ඇති දක්ශතා පහත පරිදි වේ.


තරඟ - 4

ලකුණු - 154

ඉහළම ඉණිම - ලකුණු 60

ලකුණු සාමානය - 51.33

ප්‍රහාරාත්මක වේගය - 122.22

අර්ධ ශතක - 2

හතරේ පහර - 8

හයේ පහර - 5


තරඟයෙන් තරඟය ලකුණු රැස් කළ ආකාරය

පාකිස්ථානයට එරෙහිව - 35 (34)

හොංකොං දේශයට - 59* (44)

පාකිස්ථානයට එරෙහිව - 60 (44)

ශ්‍රී ලංකාවට එරෙහිව - 0 (4)


මොවුන් අතරින් කුසල් මෙන්ඩිස්ට සහ මොහොමඩ් රිස්වාන්ට තවත් තරඟ 2 බැගින් ඉතිරිව තිබෙන අතර විරාට් කෝලිට ඉතිරිව ඇත්තේ තවත් එක් තරඟයක් පමණයි.

3,058 views0 comments