• Chathura Ramanayake

ආසියානු කුසලානයට විසිදෙනෙකුගෙන් සමන්විත සංචිතයක් !!



එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් 20දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කොට ඇති බවට වාර්තා වෙයි. මෙම සංචිතයේ නායකත්වය දසුන් ශානකට හිමි වී ඇති අතර සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සදහා යොමු කොට ඇත.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචිමාර්ග සදහන් කොට ඇත්තේ ප්‍රධාන පුහුණුකරු ක්‍රික්ස් සිල්වර්වුඩ් විසින් තෝරා ඇති මෙම සංචිතයට අතිරේක ක්‍රීඩකයන් තිදෙනෙකුද ඇතුළත් කොට ඇති බවයි. මෙම සංචිතයට නවක ක්‍රීඩකයන් ඇතුළත් වී නොමැති බවද වාර්තා වෙයි.


මෙම ක්‍රීඩකයන් විසිදෙනෙකුගෙන් සමන්විත සංචිතය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණුකරුවන්ගේ අධීක්ෂණය යටතේ සිය පුහුණුවීම් කටයුතු අද දිනයේදී ආරම්භ කිරීමට නියමිතය.


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හා ශ්‍රී ලංකාව තුළ පවතින කොවිඩ් තත්වය සැලකිල්ලට ගනිමින් අතිරේක ක්‍රීඩිකයන් තිදෙනකු තරගාවලියට රැගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත.


ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගත කොට සිටින බැවින් ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් හේමන්ත වික්‍රමරත්න මහතා තේරීම් කමිටු නිලධාරියෙකු ලෙසින් එක් වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ පෙලේ ආරංචිමාර්ග සදහන් කොට ඇත.


ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් හා භෞතචිකිත්සක බ්‍රෙට් හැරොප් අගෝස්තු 21 වෙනිදා කණ්ඩායම සමගින් එක්වීමට නියමිතය. පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණ ඇත.


Source : srilankasports වෙබ් අඩවිය

3,084 views0 comments