• Shaminda Jayarathne

ආසියානු කුසලානයට බුම්රා සහ හර්ෂාල් පටෙල් නැති වීම අනිත් කණ්ඩායම් සියල්ලට සහනයක් - පතාන්


ආසියානු කුසලාන තරඟාවලිය තවත් නොබෝ දිනයකින් ඩුබායි රාජ්‍ය කේන්ද්‍ර කොටගෙන ආරම්භ වීමට සූදානම් වනවා. මේ වන විට තරඟාවලියට එක් වන සියලුම කණ්ඩායම් තමන්ගේ සංචිතයන් නම් කොට අවසන්. ආසියානු කුසලානය සඳහා ඉන්දියාව වෙනුවෙන් ජැස්ප්‍රිට් බුම්රා සහ හර්ෂාල් පටෙල් සහභාගී නොවන බවට පසුගියදා වාර්තා වුණා.


මේ සම්බන්ධයෙන් තමන්ගේ ට්විටර් ගිණුමේ සටහනක් තැබූ හිටපු ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතාන් ප්‍රකාශ කොට තිබෙන්නේ මේ දෙදෙනා නොමැති වීම අනෙක් කණ්ඩායම් වලට සහනයක් වනු ඇති බවයි.


කෙසේ වෙතත් වේග පන්දු යවන බලඇණි වල සිටිනා තවත් බර අවි ද්විත්වයක් වන පාකිස්තානයේ ශහීන් ෂා අෆ්රිඩි සහ ශ්‍රී ලංකාවේ දුෂ්මන්ත චමීරද ආබාධ හේතුවෙන් තරඟාවලියට සහභාගී වන්නේ නෑ.

862 views0 comments