• Chathura Ramanayake

ආසියානු කුසලානයට ඇෆ්ගනිස්ථානයෙන් ශක්තිමත් කණ්ඩායමක්.



ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ සති දෙකකටත් අඩු කාලපරිච්ඡේදයක්. එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත මෙවර තරඟාවලිය අගෝස්තු මස 27 වන දින ආරම්භ වීමට නියමිතයි.


මේ වන විට ඉන්දියාව, පාකිස්ථානය ඇතුළු රටවල් කිහිපයක්ම තරඟාවලිය ක්‍රීඩා කිරීමට නියමිත සිය සංචිත නම්කර තිබෙනවා. අද දිනයේදී තවත් කණ්ඩායමක් සිය සංචිතය නම්කරනු ලැබුවා. ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමයි.


අත්දැකීම් බහුල තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබීගේ නායකත්වයෙන් යුතු ඇෆ්ගනිස්ථාන සංචිතයට ක්‍රීඩකයින් 17ත් දෙනෙකු ඇතුළත්. සුපුරුදු පරිදි රෂීඩ් ඛාන්, හස්‍රතුල්ලා සසායි, මූජිබ් උර් රහමන් වැනි ප්‍රබල ක්‍රීඩකයින් ගෙන් සමන්විත ඇෆ්ගනිස්ථාන සංචිතයට පසුගිය වසරේ LPL තරඟාවලියට ක්‍රීඩා කල රහ්මනුල්ලා ගුර්භාස් සහ නූර් අහමඩ් ද ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ඇෆ්ගනිස්ථාන සංචිතය මෙසේයි.


Mohammad Nabi (captain), Najibullah Zadran, Afsar Zazai, Azmatullah Omarzai, Farid Ahmad Malik, Fazalhaq Farooqi, Hashmatullah Shahidi, Hazratullah Zazai, Ibrahim Zadran, Karim Janat, Mujeeb ur Rahman, Najibullah Zadran, Naveen ul Haq, Noor Ahmad, Rahmanullah Gurbaz, Rashid Khan, Samiullah Shinwari.


ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකාව සහ බංගලාදේශ කණ්ඩායම සමඟින් තරඟාවලියේ මූලික අදියරේදී B කාණ්ඩයෙන් තරඟ වැදීමට නියමිතයි. තරඟාවලියේ පළමු තරඟය පැවැත්වෙන්නේත් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතරයි.


කෙසේ නමුත් තරඟාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් නම්කර නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළා ආරාධිත විස්සයි විස්ස තරඟාවලිය අවසන් වූ නිසා බොහෝ විට ඉදිරි දින කීපය තුල ශ්‍රී ලංකා සංචිතය ද නම්කෙරෙනු ඇති.

51 views0 comments