
Chathura Ramanayake
ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ පුහුණුකරුවන් ප්රකාශයට පත් කෙරේ !!!

ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි විස්ස තරගාවලිය එළඹෙන අගෝස්තු මස 9වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් හතරක් එක් වන අතර මෙම කණ්ඩායම් වල නායකත්වය කුසල් මෙන්ඩිස්, දසුන් ශානක , අශාන් ප්රියංජන් හා චරිත් අසලංක යන ක්රීඩකයන්ට හිමි වී ඇත.
මෙවර තරගාවලිය සදහා එක් එක් කණ්ඩායමේ පුහුණුකරුවන් හා කළමනාකරුවන්ගේ නම් අද දිනයේදී ප්රකාශයට පත් කෙරිණි. ඒ අනුව දර්ශන ගමගේ, තිලිණ කණ්ඩම්බි, අවිශ්ක ගුණවර්ධන හා මනෝජ් අබේවික්රම කණ්ඩායම් හතරෙහි ප්රධාන පුහුණුකරුවන් ලෙසින් කටයුතු කරයි.
මීට අමතරව සහය පුහුණුකරුවන් ලෙසින් උපුල් චන්දන, රුවින් පීරිස්, සජීව වීරකෝන් හා මලින්ද වර්ණපුර කටයුතු කරනු ඇත. තරගාවලියේ කණ්ඩායම් කළමනාකරුවන් ලෙසින් ශම්ෂී ජලීල්, චරිත් සේනානායක, විනෝදන් ජෝන් හා ශේන් ප්රනාන්දු කටයුතු කරයි.
SLC Reds
දර්ශන ගමගේ, උපුල් චන්දන, ශම්ෂී ජලීල්
SLC Blues
මනෝජ් අබේවික්රම, මලින්ද වර්ණපුර, ශේන් ප්රනාන්දු
SLC Greys
අවිශ්ක ගුණවර්ධන, සජීව වීරකෝන්, චරිත් සේනානායක
SLC Greens
තිලිණ කණ්ඩම්බි, රුවින් පීරිස්, විනෝදන් ජෝන්