• Chathura Ramanayake

ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ කණ්ඩායම් වල වෙනස්කම් කිහිපයක් !!!



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි විස්ස තරගාවලිය ඊයේ දිනයේදී ආරම්භ විය. ඒ අනුව තරගාවලියේ පැවති පළමු තරග දෙකෙන් ජයග්‍රහණය කිරීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු SLC Reds කණ්ඩායම හා චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු SLC Blues කණ්ඩායම් සමත් විය.


මෙම තරග අතුරින් ඊයේ රාත්‍රියේදී පැවති තරගයේදී Blues කණ්ඩායම වෙනුවෙන් දිල්ෂාන් මධුසංඛ විශිෂ්ඨ පන්දු යැවීමක නිරත විය. නමුත් ඔහු මුලින්ම ඇතුළත්ව තිබුණේ Greens කණ්ඩායමට වීම සුවිශේෂීය. ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයෙහි දැක්වූයේ දිල්ෂාන් මධුසංඛ Greens කණ්ඩායමේ සිට Blues කණ්ඩායමට ඇතුළත් කොට ඇති බවයි.


එමෙන්ම වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුද Reds කණ්ඩායමට එක් කොට තිබුණි. ඔහු ඊයේ දිනයේදී පැවති තරගයේදී Greys කණ්ඩායමට එරෙහිව කඩුලු 4ක්ද දවාගැනීමට සමත් විය. තවද ජනිත් ලියනගේද Greens කණ්ඩායමට ඇතුළත් කොට ඇත. වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර හා ලහිරු කුමාර ආබාධයන්ට ලක්වීම හේතුවෙන් තරගාවලියට සහභාගී නොවන බවද ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයෙහි සදහන්ය.

774 views0 comments