• Chathura Ramanayake

ආරාධිත විස්සයි විස්ස තරගාවලිය අදින් ඇරඹෙයි !!



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි විස්ස තරගාවලිය අද දිනයේදී ආරම්භ වීමට නියමිතය. කණ්ඩායම් හතරක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය නම් කොට ඇත්තේ SLC SKYEXCH Invitational T20 League තරගාවලිය ලෙසිනි.


තරගාවලියේ තරග පවත්වන සෑම දිනකදීම තරග 2 බැගින් පැවැත්වෙයි. අද දිනයේදී සමාරම්භක තරගය වෙනුවෙන් අශාන් ප්‍රියංජන්ගේ නායකත්වයෙන් යුතු SLC Greys කණ්ඩායම සමගින් කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු SLC Reds කණ්ඩායම තරග වැදීමට නියමිතය. මෙම තරගය අද පස්වරු 3ට ආරම්භ වීමට නියමිතය.


දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු SLC Greens කණ්ඩායම හා චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු SLC Blues කණ්ඩායම අද රාත්‍රියේදී තරග වැදීමට නියමිතය. එම තරගය රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ සියලුම තරග කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. තරගාවලියේ සියලු තරග නොමිලයේ නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට උදා වී ඇත.


තරගාවලියේ කාලසටහන


අගෝස්තු 8

Greys vs Reds - ප.ව.3ට

Blues vs Greens - ප.ව.7.30ට


අගෝස්තු 10

Greens vs Reds - ප.ව.3ට

Blues vs Greys - ප.ව.7.30ට


අගෝස්තු 12

Greens vs Greys - ප.ව.3ට

Blues vs Reds - ප.ව.7.30ට


අගෝස්තු 15

අවසන් මහා තරගය - ප.ව.7.30


SLC Greys කණ්ඩායම

අශාන් ප්‍රියංජන්, අශාන් රන්දික, සංගීත් කුරේ, මිනෝද් භානුක, මොවින් සුබසිංහ, මුදිත ලක්ෂාන්, අකිල ධනංජය, දුවිදු තිලකරත්න, මිලාන් රත්නායක, ලක්ෂාන් ගමගේ, නිම්සර අතරගල්ල, තානුක දාබරේ, පුලින තරංග, තරිඳු රත්නායක, කසුන් විදුර


SLC Green

දසුන් ශානක, පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, නුවනිදු ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ධනංජය ලක්ෂාන්, රමේෂ් මෙන්ඩිස්, බිනුර ප්‍රනාන්දු, නුවන් තුෂාර, ලක්ෂාන් සදකැන්, සාමින්ද ප්‍රනාන්දු, ජෙෆ්‍රි වැන්ඩසේ,

දිල්ෂාන් මධුසංඛ, නිමේෂ් විමුක්ති, සචිදු කොළඹගේ.


SLC Blues

චරිත් අසලංක, ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, අශේන් බණ්ඩාර, චාමික කරුණාරත්න, සුමින්ද ලක්ෂාන්, ප්‍රමෝද් මදුෂාන්, ලහිරු කුමාර, ප්‍රවීන් ජයවික්‍රම, කසුන් රාජිත, ලහිරු උදාර, ලහිරු සමරකෝන්, අශේන් ඩැනියෙල්, නිපුන් රන්සික


SLC Reds

කුසල් මෙන්ඩිස්, ලසිත් ක්‍රෝස්පුල්ලේ, භානුක රාජපක්ෂ, කමිදු මෙන්ඩිස්, වනිදු හසරංග, සහන් ආරචිචිගේ , දුනිත් වෙල්ලාලගේ, ලහිරු මධුසංඛ, මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, පබසර වඩුගේ, කලණ පෙරේරා, කෙවින් කොත්තිගොඩ, සිතාර ගිම්හාන්





31 views0 comments