• Chathura Ramanayake

ආරාධිත විස්සයි විස්ස තරගාවලියට දින නියම වෙයි !!



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන SLC Invitational T20 League තරගාවලිය එළඹෙන අගෝස්තු මස 9වනදා ආරම්භ වීමට නියමිතය. එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය හා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කොට ගනිමින් මෙම තරගාවලිය පැවැත්වෙනු ඇත.


මෙම තරගාවලියට ජාතික සංචිතයෙන් හා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළු ක්‍රීඩකයන් 60ක් පමණ තෝරාගැනීමට නියමිතය. එම ක්‍රීඩකයන් තේරීම ජාතික තේරීම් කමිටුව විසින් සිදු කරනු ඇත. කණ්ඩායම් හතරක සහභාගිත්වයෙන් පැවැත්වෙන තරගාවලියේදී සෑම කණ්ඩායමක්ම පළමු වටය තුළ තරග 3 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතය.


ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් යුගලය අගෝස්තු මස 16 වනදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇත. තරගාවලියේ සියලු කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

0 views0 comments