• Chathura Ramanayake

ආබාධයකට ලක්වූ වේගපන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්‍රිඩි එංගලන්තයට !!!



ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වූ පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්‍රිඩිට මෙවර ආසියානු කුසලාන තරගාවලිය ද අහිමි විය.නමුත් ඔහු පාකිස්තාන කණ්ඩායම සමගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා ගමන් කළේය.


කෙසේ වෙතත්, ඔහුගේ තත්වය තවදුරටත් පරීක්ෂා කිරීම සදහා පාකිස්තාන ක්‍රිකට් වෛද්‍ය උපදේශක මණ්ඩලය, ඔහුව ලන්ඩනයට යැවීමට තීරණය කොට ඇත.T20 ලෝක කුසලාන තරගාවලියට පෙර අෆ්‍රිඩිගේ යෝග්‍යතාව සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


" ශහීන් අෆ්‍රිඩි හට දණහිස් ආබාධයට විශේෂඥ ප්‍රතිකාර අවශ්‍ය වන අතර ලන්ඩනයෙහි ලොව හොඳම ක්‍රීඩා වෛද්‍ය පහසුකම් ලබා දෙයි. ක්‍රීඩකයාගේ යහපත වෙනුවෙන්, අපි ඔහුව එහි යැවීමට තීරණය කලා." යනුවෙන් පාකිස්තාන ක්‍රිකට් ප්‍රධාන වෛද්‍ය නිළධාරීවරයා සදහන් කොට ඇත.


පාකිස්තානය ඔවුන්ගේ ආසියානු කුසලාන ගමන් මග අගෝස්තු 28 ඉරිදා ආරම්භ කළ අතර එහිදී ඔවුන් ඉන්දියාවට එරෙහිව කඩුලු පහකින් පරාජයට පත්විය. ඔවුන්ගේ මීළඟ තරගය හොංකොං පිලට එරෙහිව සැප්තැම්බර් 2 වැනිදා සාජාහිදී පැවැත්වේ.

700 views0 comments