• Chathura Ramanayake

ආකාශ් චොප්රාගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අඩු තක්සේරුවක් !!"



ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අද දිනයේදී තරග වැදීමට නියමිතය. ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග සැසදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණිය සාපේක්ෂව දුර්වල බව ඉන්දීය ක්‍රිකට් විස්තර විචාරක ආකාශ් චොප්රා සදහන් කොට ඇත. සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අදහස් දක්වමින් ආකාෂ් චොප්රා ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු බලඇණිය පිළිබඳව අදහස් දක්වා ඇත.


" කණ්ඩායම් දෙකම සතුව හොද දගපන්දු යවන්නන් ඉන්නවා. මගේ මතය අනුව වනිදු හා මහීෂ් ඇෆ්ගනිස්තානයට ප්‍රශ්න ඇති කරාවි. ශ්‍රී ලංකාවේ වේගපන්දු බලඇණිය තරමක් දුර්වලයි. මම මතීෂ පතිරණ දිහා බලන් ඉන්නෙ. නමුත් ඔහුට සෙල්ලම් කරන්න ලැබෙයිද නැද්ද කියල මම දන්නෑ"


ශ්‍රී ලංකා කඩුලු රකින පිතිකරු කුසල් මෙන්ඩිස් පිළිබඳව ද ආකාශ් චොප්රා අදහස් දක්වා ඇත. යොවුන් ක්‍රීඩක පැතුම් නිස්සංක පළමු ඉනීම තුළ සාර්ථක බවත් දෙවන ඉනීමේදී අසාර්ථක වීමට හේතුවත් ආකාශ් චොප්රා සදහන් කොට ඇත.


" ආරම්භක පිතිකරුවකු වගේම කඩුලු රකින්නෙකු වන කුසල් මෙන්ඩිස්, ආක්‍රමණශීලී අන්දමින් ක්‍රීඩා කරනවා. ඒ නිසා මම කුසල් මෙන්ඩිස් වෙනුවෙන් අවස්ථාවක් ගන්න කැමතියි."


"පැතුම් නිස්සංක පළමු ඉනීම තුළ සාර්ථක වුවත් දෙවන ඉනීමේ සාර්ථක නැත්තෙ ඔහු ඇන්කර් රෝල් එක සෙල්ලම් කරන හංද වගේම ඔහුට ලොකු පහරවල් නැති නිසයි. චරිත් අසලංක මගේ මතය අනුව හොද ක්‍රීඩකයෙක්. ඒ වගේම ධනංජය ද සිල්වාත් ඔවුන්ට ඉන්නවා"

1,362 views0 comments