• Chathura Ramanayake

අෆ්‍රිඩිගේ ආබාධය ඉන්දියාවට සහනයක් බව හිටපු වේගපන්දු යවන්නෙකු කියයි



යොවුන් වමත් වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩිගේ ආබාධය ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන්ට විශාල සහනයක් බව පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක වකාර් යුනිස් සදහන් කොට ඇත.


මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තාන කණ්ඩායම අතර තරගය එළඹෙන අගෝස්තු මස 28වනදා ඩුබායිහිදී පැවැත්වීමට නියමිතය. ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කෙරුනු පාකිස්තාන සංචිතයෙන් ආබාධයකට ලක්වූ ශහීන් අෆ්‍රිඩි ඉවත් කෙරිණි.


22 හැවිරිදි වේගපන්දු යවන්නාගේ ආබාධ තත්වය පිළිබඳව ට්විටර් පණිවිඩයක් තබමින් පාකිස්තාන වේගපන්දු පුහුණුකරු වකාර් මෙලෙසින් සදහන් කොට ඇත.

"ෂහීන්ගේ ආබාධය ඉන්දීය මුල්පෙළ පිතිකරුවන්ට ලොකු සහනයක්. අපිට එයාව දකින්න නොලැබෙන එක ගැන දුකයි"

ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අවසන් වරට ක්‍රිකට් තරගයකදී මුණගැසුනේ පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදීය. එම තරගයේදී රෝහිත් ෂර්මා හා ලෝකේෂ් රාහුල් කල්තියාම ක්‍රීඩාගාරයට හරවා යවන්නට අෆ්‍රිඩිට හැකි වූ අතර අර්ධ ශතකයක් රැස්කළ කෝලිද දවාගැනීමට ශහීන් අෆ්‍රිඩි සමත් විය


ශහීන් අෆ්‍රිඩි කණ්ඩායමේ නොමැති වීම සම්බන්ධයෙන් පාකිස්තාන උපනායක ශඩාබ් ඛාන් ද අදහස් දක්වා ඇත.

"ෂහීන් තමයි අපේ හොඳම පන්දු යවන්නා. ඇත්ත වශයෙන්ම අපට ඔහුව මග හැරෙනු ඇත. ඔහු ආසියානු කුසලානයට ක්‍රීඩා නොකිරීම අවාසනාවන්ත සිදුවීමක්. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඔහු ඉදිරි තරගාවලීන්ට සහ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙයි කියලා."

23 views0 comments