• Chathura Ramanayake

අසිෆ් අලිට ඉතිරි තරග තහනම් කළ යුතුයි- ඇෆ්ගනිස්තාන ක්‍රිකට් හිටපු විධායක නිළධාරී


ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල හිටපු ප්‍රධාන විධායක ෂෆීක් ස්ටැනික්සායි, සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඊයේ දිනයේදී පැවති තරගයේදී පාකිස්තාන පිතිකරු අසීෆ් අලීගේ ක්‍රියාව දැඩි ලෙස විවේචනය කොට ඇත.


ඊයේ දිනයේදී පැවති ආසියානු කුසලාන සුපිරි කණ්ඩායම් හතර වටයේ තරගයකදී ඇෆ්ගනිස්තානය එක් කඩුල්ලකින් පරාජය කරන්නට පාකිස්තානය සමත් වූ අතර එම ජයග්‍රහණයත් සමගින් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට පාකිස්තානය සමත් විය.


ඊයේ තරගයේදී පාකිස්තාන ක්‍රීඩක අසිෆ් අලී හා ඇෆ්ගනිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක ෆරීඩ් අහමඩ් මලික් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. අසීෆ්ගේ කඩුල්ල දවාගැනීමෙන් අනතුරුව ඔහු මලික්ට පිත්ත ඔසවන අතර සෙසු ක්‍රීඩකයන් හා විනිසුරුවන්ගේ මැදිහත් වීමෙන් එම උණුසුම් තත්වය පාලනය කරගත් ආකාරය දැකගන්නට හැකිවිය.



අලිගේ ක්‍රියාව 'මෝඩකම' මිස අන් කිසිවක් නොවන බවත් පාකිස්තාන පිතිකරුවාට දැනට පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ ඉතිරි තරග ඔහුට තහනම් කළ යුතු බවත් ස්ටැනික්සායි සදහන් කොට ඇත. අසිෆ් ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු නොවිය යුතු බවද ෂෆීක් සදහන් කොට ඇත.


"මෙය අසීෆ් අලිගේ මෝඩකම වන අතර තරඟාවලියේ ඉතිරි තරඟ තහනම් කළ යුතුය, ඕනෑම පන්දු යවන්නෙකුට සැමරීමට අයිතියක් ඇත, නමුත් එය ශාරීරිකව සිදුකිරීම කිසිසේත් පිළිගත නොහැක."යනුවෙන් ට්විටර් සටහනක් තබා ඇත.


මීට පෙර හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂොයිබ් අක්තාර් ද මේ සම්බන්ධයෙන් සිය අදහස් පළ කළේය. ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ඔවුන්ගේ ‘උද්ධච්ච’ හැසිරීම හේතුවෙන් තරගය පරාජයට පත් වූ බව අක්තාර් පැවසීය.


“19 හැවිරිදි නසීම් ෂා විසින් ඇෆ්ගන් ක්‍රීඩකයන්ව නැවත ඔවුන්ගේ ස්ථානයට පත් කළේය. අප සැමවිටම ආදරය කරන සහ සහාය දුන් පුද්ගලයින් සමඟ අමතක නොවන තරඟයක් එය."


485 views0 comments