• Chathura Ramanayake

අසිත ප්‍රනාන්දුට විස්සයි විස්ස වරම් !!!



ආසියානු කුසලාන තරගාවලියේ අතිශය තීරණාත්මක තරගයක් තවත් ස්වල්ප වේලාවකින් ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරගයේදී වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුහට විස්සයි විස්ස වරම් හිමිවී ඇත.


ඒ අනුව ශ්‍රී ලංකා විස්සයි විස්ස ඉතිහාසයේ 97වන ක්‍රීඩකයා බවට අසිත ප්‍රනාන්දු පත්වනු ඇත. අසිත ප්‍රනාන්දු විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ තරග 32කට ක්‍රීඩා කරමින් කඩුලු 42ක් බිදහෙලන්නට සමත් වී ඇත. අසිත ප්‍රනාන්දුගේ විස්සයි විස්ස පිටියේ හොදම පන්දු යැවීම ලෙසින් සටහන් වනුයේ ලකුණු 8කට කඩුලු 6ක් දවගැනීමයි.


අසිත ප්‍රනාන්දු නිමාවට පත් වූ ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවටද පත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී කාසියේ වාසිය හිමිකරගනිමින් පළමුව පන්දු යැවීමට තීරණය කොට ඇත. මෙම ක්‍රීඩාංගණයේදී අවසන් වරට ක්‍රීඩා කොට ඇති තරඟ 16 අතුරින් තරග 13ක්ම ජයග්‍රහණය කොට ඇත්තේ කාසියේ වාසිය දිනා පන්දු යැවූ කණ්ඩායමයි.

150 views0 comments