• Chathura Ramanayake

අසිතගේ නොදැවුනු ශතකයත් රනුදගේ අර්ධ ශතකයත් ශ්‍රී ලංකාවට වැඩි වාසි ගෙන දෙයි !!!



සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පළමු සිව්දින ටෙස්ට් තරගය ඊයේ ආරම්භ විය. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළහ. ඒ අනුව පිටියට පිවිසෙන එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනීම වෙනුවෙන් සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 387ක ලකුණු පුවරුවක් නිර්මාණය කළහ.


එංගලන්ය වෙනුවෙන් ජෝජ් බෙල් ලකුණු 107ක්, රෝස් වයිට්ෆීල්ඩ් ලකුණු 86ක් හා බර්ටී ෆෝමන් නොදැවී ලකුණු 58ක් රැස්කිරීමට සමත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී කඩුලු 4ක්ද වනුජ සහන් හා දුලාජ් සමුදිත කඩුලු 2 බැගින් බිදහෙලීය.


පිළිතුරු ලෙසින් සිය පළමු ඉනීම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයට අවසානයේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 25ක් රැස්කොට සිටියහ. අද දිනයේදී ශ්‍රී ලංකා ඉනීමට තවත් ලකුණු 50ක් එක් වන තැන ශෙවෝන් ඩැනියෙල් ලකුණු 22කදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවිය. අනතුරුව අසිත හා පවන් පතිරාජ එක්ව තෙවන කඩුල්ලට ලකුණු 83ක සබදතාවක් ගොඩනගන්නට විය. පවන් පතිරාජ ලකුණු 32ක් රැස්කොට සිටියදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගන්නට ෆෝමන්ට හැකිවිය.


පවන්ගේ දැවී යාමෙන් පසු පිටියේ එක්වන රනුද සෝමරත්න හා අසිත වන්නිනායක එංගලන්ත පන්දු යවන්නන්ට එරෙහිව කදවුරු බදින්නට විය. ඔවුන් දෙදෙනා එක්ව ශ්‍රී ලංකා ලකුණු පුවරුව කෙමෙන් කෙමෙන් ඉහළ නංවන්නට විය.අසිත වන්නිනායක අද දිනයේදී අගනා ශතකයක් වාර්තා කිරීමට සමත් විය.


අසිත හා රනුද සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 137ක විශිෂ්ඨ සබදතාවක් ගොඩනගන්නට සමත් විය. රනුද සෝමරත්න සිව්වන කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 114ක් තුළ හතරේ පහර 8ක් සමගින් ලකුණු 65ක් රැස්කොට තිබුණි. අද දිනයට තරගය නතර කරන විට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 301ක් රැස්කරමින් ප්‍රබල තත්වයක පසුවිය.


ශ්‍රී ලංකා ඉනීමේ නැංගුරම බවට පත් වූ ආරම්භක පිතිකරු අසිත වන්නිනායක පන්දු 307කදී හතරේ පහර 19ක් සමගින් නොදැවී ලකුණු 132ක් රැස්කිරීමට සමත් විය. අද දිනය අවසානයේදී නායක රවීන් සිල්වා ලකුණු 19ක් නොදැවී රැස්කොට සිටි අතර ශ්‍රී ලංකාව එංගලන්තයට වඩා තවත් ලකුණු 86ක් පසුපසින් රැදී සිටියි.


එංගලන්ත යොවුන් පළමු ඉනීම : 387/10

ජෝජ් බෙල් 107, රෝස් වයිට්ෆීල්ඩ් 86 බර්ටී ෆෝමන්* ලකුණු 58

දුවිදු රණතුංග 4/100, ,වනුජ සහන් 2/56, දුලාජ් සමුදිත 2/105


ශ්‍රී ලංකා යොවුන් පළමු ඉනීම : 301/4

අසිත වන්නිනායක* 132, රනුද සෝමරත්න 65, පවන් පතිරාජ 32

බෙන්ජමින් ක්ලිෆ් 2/57

173 views0 comments