• Chathura Ramanayake

අශාන් ප්‍රියන්ජන් ප්‍රමුඛ අලු බලකායේ පිතිකරණ බලඇණිය !!!



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි විස්ස තරගාවලිය හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ එක් එක් කණ්ඩායමෙහි පිතිකරණ හා පන්දු යැවීම පිළිබඳව Creedanet අප ගෙන එන ලිපි මාලාවෙහි හත්වන ලිපියෙන් අවදානය යොමු කෙරෙනුයේ අශාන් ප්‍රියංජන්ගේ නායකත්වයෙන් යුතු SLC Greys කණ්ඩායමේ පිතිකරණ බලඇණිය පිළිබඳවයි.


කණ්ඩායමේ පිතිකරණ ඒකකය දෙස අවධානය යොමු කිරීමේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතුරින් මිනෝද් භානුක හා අශාන් ප්‍රියංජන් පමණක් මෙම කණ්ඩායමට ඇතුළත්ය. නමුත් දේශීය ක්‍රිකට් පිටියේ විශිෂ්ඨ දස්කම් පා ඇති පිතිකරුවන් රැසක් මෙම කණ්ඩායමට ඇතුළත්ය. අවසන් වූ අන්තර් සමාජ එක්දින තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ කසුන් විදුර Greys කණ්ඩායමේ පිතිකරණ බලඇණිය ශක්තිමත් කිරීමේ සූදානමින් පසුවෙයි. එමෙන්ම දේශීය ක්‍රිකට් පිටියේ දස්කම් අතර සිටින අශාන් රන්දික, සංගීත් කුරේ, මුදිත ලක්ෂාන් යන ක්‍රීඩකයන්ද SLC Greys කණ්ඩායම සතුය. එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයන් වන තරිඳු රත්නායක හා පුලින තරංග යන ක්‍රීඩකයන්ද අශාන් ප්‍රියංජන්ගේ කණ්ඩායමේ පිතිකරණ බලඇණිය සවිමත් කිරීමට සූදානමින් පසුවෙයි.


නායක අශාන් ප්‍රියංජන් විස්සයි ජාත්‍යන්තර ඉනීම 3කට හා මිනෝද් භානුක ජාත්‍යන්තර විස්සයි විස්ස ඉනීම 4කට පමණක් ක්‍රීඩා කොට ඇත. නමුත් අශාන් ප්‍රියංජන් විස්සයි විස්ස තරග බිමේදී ඉනීම 103ක් තුළදී ලකුණු 1890ක් රැස්කොට ඇත. කඩුලු රකින ක්‍රීඩක මිනෝද් භානුක විස්සයි විස්ස ඉනීම 74ක් තුළදී ලකුණු 1353ක් රැස්කොට ඇත. ආරම්භක පිතිකරුවකු ලෙසින් වේගයෙන් පන්දුවට පහර දෙන අශාන් රන්දික විස්සයි විස්ස ඉනීම 38කදී ලකුණු 1001ක් රැස්කොට ඇත්තේ 151ක ප්‍රහාරාත්මක වේගයක් රදවාගනිමිනි. ආරම්භක පිතිකරුවකු වන,සංගීත් කුරේ විස්සයි විස්ස තරග 25ක් තුළදී ලකුණු 565ක් රැස්කොට ඇත. අන්තර් සමාජ එක්දින තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ කසුන් විදුර විස්සයි විස්ස පිටියේදී ලකුණු 378ක් රැස්කිරීමට සමත් වී ඇත.


තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන මොවින් සුභසිංහද විස්සයි විස්ස පිටියේ 160ක ප්‍රහාරාත්මක වේගයක් රඳවාගෙන ඇති ක්‍රීඩකයෙකි. යොවුන් ක්‍රීඩක මුදිත ලක්ෂාන් විස්සයි විස්ස පිටියේදී ලකුණු 361ක් රැස්කොට ඇත්තේ ලකුණු 40ක පිතිකරණ සාමාන්‍යයක් සමගිනි. අවසන් වු එක්දින තරගාවලියේ දස්කම් පෑ තානුක දාබරේද විස්සයි විස්ස පිටිය තුළදී ලකුණු 175ක් රැස්කොට ඇත. තුන් ඉරියව්වෙන් දස්කම් පාන පුලින තරංග විස්සයි විස්ස ලකුණු 714ක් රැස්කොට ඇති අතර තරිඳු රත්නායකද විස්සයි විස්ස පිටියේදී ලකුණු 378ක් රැස්කිරීමට සමත්ව ඇත.


ක්‍රීඩකයා


ඉනීම


ලකුණු


හොදම ලකුණ

ප්‍රහාරක වේගය

අශාන් ප්‍රියංජන්



103


​1890


108


124.34

අශාන් රන්දික


​38


1001


117


150.98

සංගීත් කුරේ


25


565


83


106.60

මිනෝද් භානුක


​74

1353


85*


118.16

​කසුන් විදුර


​22


378

51


109.56

මුදිත ලක්ෂාන්


15


361


​73


142.12

පුලින තරංග


43

714


​59*


114.24

තරිඳු රත්නායක


27


378


63*


​130.79

තානුක දාබරේ


11


175


53


140.0

​මොවින් සුබසිංහ


​8


131


33*


​159.75



631 views0 comments