• Chathura Ramanayake

අවිශ්ක ප්‍රනාන්දු නුදුරේදීම ක්‍රිකට් පිටියට !!!



මෙම වසරේ පෙබරවාරි මසදී පැවති ඕස්ට්‍රේලියානු තරග සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු ආබාධයකට ලක්විය. ඉන් අනතුරුව ඔහුගේ දණහිසෙහි ශල්‍යකර්මයක් සිදු කළ අතර ඉන්පසු ඔහුට ක්‍රිකට් පිටියෙන් ඈත් වන්නට සිදුවිය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිළ යූටියුබ් නාලිකාව ඔස්සේ අදහස් දක්වමින් අවිශ්ක ප්‍රනාන්දු සිය ආබාධ තත්වය හා ක්‍රිකට් පිටියට පිවිසීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.


ඇත්තටම උනේ දණහිසේ අස්ථි ආබාධයකට ලක්වුණු එක. මාස පහකට වැඩී දැන් මගෙ ආබාධ තත්වය ඇති වෙලා. ඇත්තටම මම දැන් මගේ පුහුණුවීම්, දීවීම් හා කායවර්ධන පුහුණුවීම් පටන් අරගෙන තියෙනවා.තව මාස එක හමාරක්, දෙකක් මේ විදියට ඉන්න ඕනා."

විසිහතර හැවිරිදි වියෙහි පසුවන අවිශ්ක ප්‍රනාන්දු එක්දින තරගවලදී දස්කම් අතරට පැමිණීමට සමත් වූ ක්‍රීඩකයෙකි. ඔහු ජාත්‍යන්තර එක්දින තරග 26කට ක්‍රීඩා කරමින් ලකුණු 964ක් රැස්කොට ඇත්තේ 37.07ක,පිතිකරණ සාමාන්‍යයක් රදවා ගනිමිනි. අවිශ්ක ප්‍රනාන්දු එක්දින ශතක තුනක් හා අර්ධ ශතක 5ක් රැස්කිරීමට සමත් වී ඇත.

"ඇත්තටම මුල් දවස් ටිකේ පොඩි පොඩි දේවල් ටිකක් ආවා. මේ වෙද්දි ඒ දේවල් නැතිවෙලා තියෙනවා. ආබාධයට ලක්වෙන්න කලින් වගේම තත්වයකට ඇවිල්ල කියල මම හිතනවා. තව මාස එක හමාරක් වගේ යද්දි මට සුපුරුදු ආකාරයට තරග ක්‍රීඩා කිරීමට පුලුවන් වෙයි කියලා හිතෙනවා."
" ඇත්තටම ඒක ගොඩක් ලොකු කාලයක්. ගොඩක් තරග තිබුණා. මට තරග නැතුව, පුහුණුවීම් නැතුව ඉන්න බෑ. මේ දේ උනු හින්දා අමාරුවෙන් කොහොම හරි හිටියා. දැන් මේක හොදකරගෙන සෙල්ලම් කරපු විදියටම හොදට සෙල්ලම් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ."

2,274 views0 comments