• Chathura Ramanayake

අවිශ්ක ද්විත්ව ශතකයකින්ද චන්දි, දාබරේ, නිෂාන්,ලසිත් ශතකයකින්ද තරගාවලිය අරඹති.



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ තුන්දින තරගාවලිය අද දිනයේදී ආරම්භ විය. කණ්ඩායම් 26ක් කාණ්ඩ 2ක් ඔස්සේ තරග වදින තරගාවලියේ අද දිනයේදී තරග 12ක් ආරම්භ විය.


අද දිනයේදී පිතිකරුවන් රැසක් දක්ෂතා අතරට පැමිණීමට සමත් විය. ඒ අතරින් තනුක දාබරේ හා ලසිත් ක්‍රෝස්පුල්ලේ වේගවත් පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 133ක් හා 160ක් රැස්කළහ. කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ අවිශ්ක පෙරේරා නොදැවුනු ද්විත්ව ශතකයක් වාර්තා කළේ දිනය අවසානයේදී ලකුණු 210ක් රැස්කරමිනි.


හුදකලා ඉනීමක් ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් ලකුණු 152ක් රැස්කළේය. රාගම ක්‍රීඩා සමාජයේ නිෂාන් මදුෂ්ක ද ලකුණු 150ක් රැස්කිරීමට සමත් විය. සෙසු පිතිකරුවන් වූ සදීර සමරවික්‍රම, අනුක් ප්‍රනාන්දු, හෂාන් දුමිදු හා පසිදු සූරියබණ්ඩාර යන ක්‍රීඩකයන් ශතක වාර්තා කිරීමට සමත් විය. තිමිර ඉරුෂික කඩුලු 5ක්ද ධනුෂ්ක සදරුවන් කඩුලු 5ක් ද ලසිත් ඇඹුල්දෙණිය, මොහොමඩ් දිල්ෂාඩ් කඩුලු 4ක බැගින්ද දවාගැනීමට සමත් විය.


සැරසන්ස් ක්‍රීඩා සමාජය හා ඒස් කැපිටල්ස් ක්‍රීඩා සමාජය


ඒස් කැපිටල් පළමු ඉනීම : 471/10

ලසිත් ක්‍රෝස්පුල්ලේ 160, තානුක දාබරේ 133, නින්දා කාදම් 83 මොහොමඩ් දිල්ෂාඩ් 4/72, සඳුන් මෙන්ඩිස් 3/122, ඉසිත විජේසුන්දර 2/62


පානදුර ක්‍රීඩා සමාජය හා හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය


පානදුර පළමු ඉනීම : 153/10

පවන් සන්දේෂ් 44, රොෂාන් විජේනායක 37 තිමිර ඉරුෂික 6/62, අවිඳු තීක්ෂණ 3/34


හලාවත මේරියන්ස් පළමු ඉනීම : 134/3 ජතාර්* 51, අනුජ් ජොටින්* 34 කෝෂාන් විජේවික්‍රම 3/26


කෝල්ට්ස් ක්‍රීඩා සමාජය හා කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය


කෝල්ට්ස් පළමු ඉනීම : 409/3

අවිශ්ක පෙරේරා* 210, හෂාන් දුමිදු 130 නිසල ආකාෂ් 1/60


ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය හා එන් සී සී ක්‍රීඩා සමාජය


ටැමිල් යුනියන් පළමු ඉනීම : 301/9

සදීර සමරවික්‍රම 117, කමේෂ් නිර්මාල් 55 ලසිත් ඇඹුල්දෙණිය 4/107, අශේන් ඩැනියෙල් 2/72


පොලිස් ක්‍රීඩා සමාජය හා බී ආර් සී ක්‍රීඩා සමාජය


පොලිස් පළමු ඉනීම : 172/10

චතුරංග කුමාර 39, නදීර බාලසූරිය 37 දුවිදු තිලකරත්න 3/35, දුෂාන් හේමන්ත 2/20


බී.ආර්.සී පළමු ඉනීම : 83/2 ලියෝ ෆ්‍රැන්සිස්කෝ 29, දනාල් හේමනන්ද 21 ලහිරු දියන්ත 2/14


කොළඹ ක්‍රීඩා සමාජය හා එස් එස් සී ක්‍රීඩා සමාජය


කොළඹ පළමු ඉනීම : 352/4

කමිදු මෙන්ඩිස්* 97, ලසිත් අබේරත්න 92, මිනෝද් භානුක 74, නිමේෂ් ගුණසිංහ 64 ලක්ෂිත රසාංජන 2/ 79


ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය


ගුවන් හමුදා පළමු ඉනීම : 249/10

ආදිත්‍ය සිරිවර්ධන 69, උදයවංශ පරාක්‍රම 54 දිලන්ක 4/93, අයේෂ් දේවින්ද 3/76


නාවික හමුදා පළමු ඉනීම : 17/3

ගිහාන් සිරිසෝම 2/8


යුධ හමුදා ක්‍රීඩා සමාජය හා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය


යුධ හමුදා පළමු ඉනීම : 256/10

දිනේෂ් චන්දිමාල් 152, අසේල ගුණරත්න 28 නිමේෂ් පෙරේරා 3/32,දිනෙත් සමරවීර 2/41


බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනීම : 6/3

ශෙහාද සොයිසා 2/5


කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජය හා කලුතර ක්‍රීඩා සමාජය


කුරුණෑගල යූත් පළමු ඉනීම : 237/10

මුදිත ප්‍රේමදාස * 93, ධනුෂ්ක ධර්මසිරි 54 ඉන්සක සිරිවර්ධන 3/28, තෙමාල් බණ්ඩාර 3/40


කලුතර පළමු ඉනීම : 9/0


බදුරලිය ක්‍රීඩා සමාජය හා මීගමුව ක්‍රීඩා සමාජය


බදුරලිය පළමු ඉනීම : 264/7

අනුක් ප්‍රනාන්දු* 109, දුනිත් ජයතුංග 84 ධනුෂ්ක සදරුවන් 5/65


රාගම ක්‍රීඩා සමාජය හා ගාල්ල ක්‍රීඩා සමාජය


රාගම පළමු ඉනීම : 322/8

නිෂාන් මදුෂ්ක 150,ඉෂාන් ජයරත්න* 42 හරීන් බුද්දිල 3/72, රජිත් ප්‍රියාන් 2/72


මුවර්ස් ක්‍රීඩා සමාජය හා ලන්ක්න් ක්‍රීඩා සමාජය


මුවර්ස් පළමු ඉනීම : 429/6

පසිදු සූරියබණ්ඩාර 133, රමේෂ් මෙන්ඩිස් 78, සොහාන් ද ලිවේරා 75, මොහොමඩ් ශමාස් 52 යසිරු තාරක 2/34, යසිරු රොදිගු 2/75

4,936 views0 comments